බලන්ගොඩ  පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත්  මොරහැර උඩවෙල  සණස බැංකුවේ ගණුදෙනු
කරැවන් විසින්  එම බැංකවේ තැන්පත් කර තිබු රැපියල්කෝටි  පහලොවකට ආසන්න මුදලක්
 පැහැරගෙන ගොස් වසරකට ආසන්න  කාලයක් සැගවි සිටි එම බැංකුවේ කළමණාකාරිණිය එමසණස
බැංකුවේ ගණුදෙනු කරුවන්  විසින්  ඊයේ  (06) දා සවස අල්ලාගෙන  බලන්ගොඩ  පොලිසිය වෙත 

භාර
දි තිබේ.
බලන්ගොඩ ප්‍රදේශයේ දි ගණුදෙනු  කරුවන්ට ඊයේ  (06)  දහවල්  ඇගේ  ස්වාමියා  හමු  වි තිබෙන
අතර  එහිදි ඔහුගෙන්   කළමණාකාරිණිය  පිලිබදව තොරතුරු විමසා තිබේ. එහිදි  ස්වාමියා විසින්  ඇය
සම්බන්දයෙන් ලබා දුන් තොරතුරු අනුව   ඊයේ (06) දා එම සණස බැංකුවේ  මුදල් තැන්පත්  කර තිබු
 ගණුදෙනු කරුවන් සියයකට ආසන්න  පිරිසක්  විසින්  එම කළමණාකාරිණිය  බලන්ගොඩ  ඇල්ලෙපොළ
ප්‍රදේශයේ  නිවසක රැදි  සිටියදි  මෙලෙස  අල්ලාගෙන  ස්වාමිපුරුෂයා ද සමග   පොලිසියට භාර
දුන් බව බලන්ගොඩ පොලිසිය  පවසයි.
මුදල්  අහිමි වු ගණුදෙනු කරුවන්  විශාල පිරිසක් මේ සම්බන්දයෙන්  වසරක පමණ කාලයක  සිට  පින්නවල
පොලිසිය වෙත  පැමිණි කර තිබුණි.  පසුව  අදාල සැකකාර බැංකු කළමණාකාරිණිය සහ ඇගේසැමියා බලන්ගොඩ  පොලිසිය  විසින්  ඊයේ   (06) සවස පින්නවල පොලිසිය වෙත  භර දුන්  බව බලන්ගොඩ
පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්දයෙන් පින්නවල පොලිස් ස්ථානාධිපති එස් .පි .අමරතුංග මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ
පැවැත්වේ.
බලන්ගොඩ නලින්ද වලේබොඩ