https://www.gossiplankanews.com/2019/08/salinda-dissanayake-heart-operation.html
ක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සාලින්ද දිසානායක මහතා කැබිනට් අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරු හොබවා තිබේ.දෙදරු පියෙකුවූ ඔහු රසායනික ඉංජිනේරු උපාධිය ලබාගෙන ඇත්තේ මොරටුව සරසවියෙනි.
හෘදයේ වේදනාවක් සමග ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය සතියේ ඒ මහතා
කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබුණි.

වෛද්‍යවරුන් දන්වා තිබුනේ සාලින්ද මහතාට අධික ක්ලොස්ටරෝල් තත්වය නිසා  හෘදයේ නාල අවහිරවී තිබෙන බවකි. මේහේතුවෙන් අවහිරවූ ප්‍රධාන නාල පිළිසකර කරන්නට ස්ටෙන්ට් පිහිටුවීමක් හෝ බයිපාස් සැත්කමක් නිර්දේශ කර තිබුණි.

මෙම රෝග තත්වයට ලක්ව සාලින්ද මහතා කුරුණෑගල රෝහලේ සිටියදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඔහුව බලන්නට එම රෝහලට ගියේය. එම අවස්ථාවේ කළ හැකි උදව්ව වූයේ සාලින්ද මහතාව කොළඹදී අදාළ සැත්කමට යොමු කිරීමයි. නමුත් හෘද නාල අවහිරතාවය තරමක් බැරෑරුම් බව වෛද්‍යවරුන් දන්වා තිබුණි.

මින් මාස කිහිපයකට පෙර මේ ආකාරයේම සැත්කම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාටත්, සිංගප්පූරුවේදී ගෝඨාභය රාජපක්ෂටත් සිදු කර තිබුණි.
 ස්ටෙන්ට් සැත්කම යනු හෘදයේ රුධිර නාල ආශ්‍රිතව සිදුකරන Angioplasty හෙවත් රුධිර නාල තුළ බාධාවන් ඉවත් කිරීම සඳහා යොදන කම්බි දැල් ටියුබයක් බඳු උපකරණයක් ස්ථාපිත කිරීමකි.
හෘදයේ පේශි සඳහා රුධිරය ලබාදෙන ධමනියේ අභ්‍යන්තරය තුළ මේදය තැන්පත් වීම මගින් එය පටුවීමත්, ඒ හේතුවෙන් අදාළ පේශිය මියයාමේ අවදානමත් අඩුකිරීමට මේවා යොදනු ලැබේ.
අදාළ සැත්කම කළ හැකි බවට කොළඹ නවලෝක රෝහලෙන් දැනුම් දීමෙන් පසු සාලින්ද මහතා එහි සුරක්ෂිතව රැගෙන යාමට අවශ්‍යව තිබුණි. මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් හෙලිකොප්ටරයක් ලබාදීමට කටයුතු කළේය. පසුගිය කාලයේ පොහොට්ටුව වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂගේ දීර්ඝ කාලීන හිතවතෙකුද විය.

අනතුරුව නවලෝක රෝහල වෙත මන්ත්‍රීවරයාව හේලිකොප්ටරයෙන් රැගෙන එන ලදි.
නවලෝක රෝහලේදී මන්ත්‍රීවරයාට ස්ටෙන්ට් සැත්කම සිදු කළත් ඔහුගේ තත්වය බරපතල විය. සැත්කමින් අනතුරුව සීසීයූහි ප්‍රතිකාර ලබමින් සිටින විට 05දා පස්වරුවේදී ඔහු මිය ගියේය. අනතුරුව කොළඹ ජයරත්න මල් ශාලාව වෙත දේහය ලබාදී 6 වනදා පෙරවරුවේ ඔහුගේ නිවසට ගෙන යෑමට කටයුතු කර තිබුණි.

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අවසන් කටයුතු හෙට (08දා) කුරුණෑගලදී සිදුකිරීමට නියමිතව තිබේ.