https://www.gossiplankanews.com/2019/08/sajith-ranil-matara-inside-report.html
ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා නිවාස ඇමති සජිත් ප්‍රේමදාස අතර ජනපති අපේක්ෂක නම් කිරීමේ ගැටලුව මේ වනවිට සංකීර්ණ තත්වයකට පත්ව ඇති බව කියැවේ.රනිල් සජිත් වෙනුවට නම් කරන්නේ කරු ජයසූරියගේ නම බව වාර්තාවී තිබේ. ඒ අතරවාරයේ සජිත් සිය ශක්තිය පෙන්වීමට
රැළි සංවිධානය කිරීම රනිල්ගේ නොසතුටට හේතුවී ඇත.
අගමැති රනිල් එජාපයේ සියලුම මැති ඇමතිවරුන් හෙට (23) රාත්‍රියේ අරලියගහ මන්දිරයට රාත්‍රී භෝජනයක් සඳහා ආරාධනා කර ඇති බව වාර්තාවේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර 4 ක කාලයක් ගතවීම නිමිත්තෙන් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධාන කර ඇති බව දන්වා තිබේ. මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව

මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වන නමුත් ඇතැම් දේශපාලන ආරංචි සඳහන් කරන්නේ
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා  සිකුරාදා (23දා) සවස මාතර දී සිය බලය පෙන්වීමට ජනරැලියක් පවත්වන අතරතුර මෙම කැඳවීම කරන්නේ සජිත්ට වඩා තමාට බලයක් තිබෙන බව සනිටුහන් කරන්නට බවයි.

පසුගියදා බදුල්ලේදී සජිත් ජනපති කරමු මැයෙන් රැස්වීමක් හරින් ඇමතිවරයා මුල්වී සංවිධානය කළ අතර මෙවර මාතර රැළිය මංගල මුල්වී සංවිධානය වෙයි.
 සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20 වැනිදා) රාත්‍රි පැවැති සුහද හමුවකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හැත්තෑහත් දෙනාගෙන් පනස් දෙනකුට වැඩි සංඛ්‍යාවක් සහභාගි වී සිටි බව අද ඇතැම් පුවත්පත් වාර්තා කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ සහෝදරියකට අයත් කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි නිවසක මෙම සාකච්ඡාව පවත්වා තිබුණි.

සාකච්ඡාව සඳහා ඇමැතිවරු නව දෙනකුද එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්ද එක්ව සිටි බවත් කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, තලතා අතුකෝරල,

ගයන්ත කරුණාතිලක, චන්ද්‍රානි බණ්ඩාර, මොහොමඩ් හලීම් සහ රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරු මෙම සාකච්ඡාවට එක්ව සිටි බවත් කියැවේ.
මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ද පෙරේදා (20දා) ඒකමතිකව තීරණය කර තිබුණි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක මෙම සාකච්ඡාව පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු 123 දෙනාගෙන් මන්ත්‍රීවරු 97ක් මෙම සාකච්ඡාවට එක්ව ඇත.
ඒ අනුව හෙට (23) සජිත් හා රනිල් වෙන වෙනම පවත්වන රැස්වීම් හා භෝජන සංග්‍රහයන් මෙවර ජනපති අපේක්ෂකයා කවුරුද යන්න ගැන  ශක්තිය මැන බලන අවස්ථා වියහැකි බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.