රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයන් දිරි ගැන්වීම පිණිස ඔවුන්ගේ දරුවන් ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

රටේ

ජාතික ආදායම වර්ධනය කරගැනීම සඳහා රජයට නොමසුරුව ආදායම් බදු ගෙවන්නන්ගෙන් ලැබෙන දායකත්වය ඇගයීම  හා දිරි ගැන්වීම, මෙවැනි අවස්ථාවක් ලබාදීමේ ප්‍රධාන අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එකී දරුවන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක සකස් කිරීමේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20දා) මේ වැඩපිළිවෙළ පිළිබඳව මූලික සාකච්ඡාවක්ද පැවැත්විණි. ඒ සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා ප්‍රමුඛ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

උදයන්ති මුණසිංහ