තමන්ට විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් නොතිබූ බවත්, තමාගේ අරමුණ වූයේ හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම යැයි තමන්ට එරෙහිව ගොනු කර ඇති අධිකරණ අපහාස නඩුව ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට් ගනු ලැබූ අවස්ථාවේදී මහාමාර්ග හා මාර්ග සංවර්ධන
රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.  රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම පැමිණිල්ල සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන්  සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම පැමිණිල්ල සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුගෙ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. විශ්‍රාමලත් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත්‍රය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් හිරු ප්‍රවෘත්ති සේවයේ අධිකරණ වාර්තාකරු අජිත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සාක්කි දෙමින් කියා සිටියේ විත්තිකාර රංජන් රාමනායක මහතා කියා සිටියේ පස්වතාවක්ම අදාළ ප්‍රකාශය ඉල්ලා
අස්කර නොගන්නා බව මාධ්‍යයට පැවසූ බවය.අජිත් පික්‍රමසිංහ මහතාගේ සාක්කිය අවසන්  වීමෙන් පසු පැමිණිල්ලේ සාක්කි අවසන් බව අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතාගේ මෙහෙයවීම මත සාක්කි දුන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මෙසේද කීය.

"මම දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරනවා. මා උසස් පෙළ අවසන් කිරීමන් පසුව මගේ මාමා කෙනකු වන විජය කුමාරතුංග මහතාගේ ආශිර්වාදයෙන් චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසුණා. පළමුව සමූහ දර්ශනවල සුළු චරිතවලට රගපෑවා. ඊට පසු වීරයාගේ හිතවතා වුණා. පසුව ප්‍රධාන චරිත රැසක් රඟපෑවා. චිත්‍රපට 7ක් තිර නාටක ලියා අධ්‍යක්ෂණය කළා.

1986 වසරේ සිට මෙම රගපෑම් නිරතනවා.  ඉන්දියාවේ රගපෑමකට ගිය අවස්ථාකදි රනිල්
වික්‍රමසිංහ මහතා මුණගැසුණා. ඒ අවස්ථාවේද එතුමා මට ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධවන්න කියා ආරාධනා කළා. ඉන්පසුව මා කටාන ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හැටියට පත් කළා.
ඔය අතරේ 2008 පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කළා. සබරගමුව මහ ඇමැති ධුරයට තරග කිරීමට සිටි උපුල් ශාන්ත සන්නස්ගල මහතා තරග කළේ නැහැ. මා ඒ වෙනුවට තරඟ කළා. ඡන්ද 119,000 ලබා ගත්තා.

අනෙක් පක්ෂයේ මහ ඇමැති ධුර අපේක්ශකයා ගත්තේ 95,000ක් පමණයි. අපේ පක්ෂය සබරගමුව පළාත් සභාවේ ජය නොගත් නිසා මා විපක්ෂ නායකයා හැටියට කටයුතු කළා. 2010 වසරේදී රත්නපුර දිස්ත්‍රික්කය ජය ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට තේරි පත් වුණා. 2015 සිට මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනවා. මා දැනට නියෝජ්‍ය ඇමැතිවරයකු හැටියට ද කටයුතු කරනවා.

මගේ ප්‍රථම තිර රචනය චාලි චැප්ලින්ගේ චිත්‍රපටියක් ඇසුරින් සැකසූ "පාර්ලිමන්ට් ජෝක්ස්” චිත්‍රපටියයි. එය දූෂිත දේශපාලනය ගැන කතා කරන චිත්‍රපටියක්. "නවරියන්" චිත්‍රපටිය දූෂිත වෛද්‍යවරුන් ගැන කතා කරන චිත්‍රපටයක්. මම කිසිම දූෂිත වැඩකට සම්බන්ධ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100කට මත්පැන් බලපත්‍ර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී 75 දෙනකුට වැලි බලපත්‍ර තිබෙනවා.

මට තිබුණේ එක චෝදනාවයි. ඒ මගේ මන්ත්‍රී වාහන බලපත්‍රය විකුණුවා කියලයි. මම ඒක විකුණලා මැදපෙරදිග සේවයට ගොස් ඇණ 20ක් ගසා තුවාල වී පැමිණි ආරියවතී නමැත්තියට ගෙයක් හදලා දුන්නා. මට තවමත් නිවසක් සහ වාහනයක් නැහැ. ස්ත්‍රියකට අඩත්තේට්ටම් කිරීමේ චෝදනා තිබුණා. ඒකෙන් මම නිදහස් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණීමේ දීමනාව රුපියල් 500 සිට 2500 දක්වා වැඩි කළා.
එහෙත් මා එම වැඩි වූ මුදල ගත්තතේ නැහැ.

මන්ත්‍රී වැටුප් දීමනාව රුපියල් ලක්ෂයකින් වැඩි වූවා. මා එලෙස වැඩි වූ දිමනාවත් ගත්තේ නැහැ. මා නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස පත් වූ විට කෝටි 4ක් 5ක් වැඩි වටිනාකම් සහිත සැප වාහන ගැනීමත් ප්‍රතික්ෂේප කළා. මම දේශපාලනඥයකු ලෙස වත්කම් බැරකම් ප්‍රකාශ නිසි ආකාරයෙන් ලබා දීලා තිබෙනවා. මා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකු පමණයි එලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී තිබෙන්නනේ.
මෙම සිද්ධියට අදාළ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මාධ්‍යවේදින්ට මා කළ ප්‍රකාශයයි. මෙම රැස්වීම පැවැත්වූයේ එවකට අධිකරණ අමාත්‍යවරයා විසින් සිදුකළ අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධවයි.

මා මාධ්‍යවේදීන් හමුවේ එවකට සිටි අධිකරණ ඇමැතිවරයා වනිතා කටයුතු ඇමැති ධුරයට සුදුසු යැයි පැවසුවා. එකට සිටි අධිකරණ අමාත්‍යවරයා බොහෝ ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥවරයෙක්. ඔහුට බොහෝ සේවාදායකයන් පිරිසක් හිටියා. ඔහුට විරුද්ධව විවිධ චෝදනා තිබුණා. විවිධ දේශපාලනඥයන් ආරක්ෂා කිරීම පිළිබඳ චෝදනා තිබුණා. මෙම කරුණු පැහැදිලි කිරීමටයි මට  අවශ්‍ය වූණේ. කාටවත් මඩ ගැසීමට මට අවශ්‍ය වුණේ නැහැ.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රකාශ කිරීමේදී නීතිඥවරයා, කළුකෝටිකාරයා, ලෝයර් යන වචන මම භාවිත කළා. මට අවශ්‍ය වූයේ හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම පමණයි. ඒ අවස්ථාවේදී මට විනිසුරුවරුන් ගැන අදහසක් තිබුණේ නැහැ. පසුව මෙම සිද්ධිය ගැන මා කළ ප්‍රකාශ ඉල්ලා අස් කර ගනේ නැහැ කියලා මාධ්‍යයට ප්‍රකාශ කළා. මා කියූ දේ බොරුවක් නොවෙයි කියන මතයේ හිටියා.

එක් හිටපු අගවිනිසුරුවරයකු නමුත් දුන් තීන්දුක් පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලුවා. තවත් හිටපු අගවිනිසුරුවරයකු වත්මන් ජනාධිපතිවරයා මුණගැසී කැමති තීන්දු ලබා දෙන බව පවසා තිබුණා. ඒ අතර දූෂිත නැති ශ්‍රේෂ්ඨ පිනිසුරුවරුනුත් හිටියා. මෙම කරුණු සලකා බැලීමෙන් පසු මා කළ ප්‍රකාශය ඉල්ලා අස් කර නොගත යුතු බව හිතුණා. තවද රජා අසාධාරණකම් කරනවා නම් ඇමැතිවරු ගැන කර කතාද, ප්‍රධාන විනිසුරුරුන් මෙහෙම නම් අනිත් විනිසුරුවරුන් ගැන කවර කතා දෑයි මම හිතුවා.”

විනිසුරු සිසිර ද ආබෲ : විත්තිකරු සාක්කි දෙන්නේ හිටපු විනිසුරුවරුන් සම්බන්ධවයි. එහෙත් සිද්ධිය සම්බන්ධ ප්‍රකාශ අදාළ වන්නේ වර්තමානයේ සේවයේ යෙදී සිටින විනිසුරුවරුන් සම්බන්ධවයි. ඒ ගැන මොකද කියන්නේ ?

විත්තිකාර රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.  සුමන්තිරන් මහතා: විත්තිකරු විනිසුරුවරුන්ට අපහාස කිරීමේ  චේතනාවක් තිබුණේ නැහැ. ඔහුගේ මූලික
අරමුණ වූයේ එවකට අධිකරණ ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කරන එකයි. ඔහු නීතිඥවරයෙක්. ඒ පිළිබඳ ඔහු පැවසුවා. පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය සැප්තැම්බර් 10 වැනිදාට කල් තැබිණි.

-තිළිණි ද සිල්වා-