ලෝක රග්බි සම්මේලනය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපන වැඩසටහනට හිටපු ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් වන රෝහිත රාජපක්ෂ, රජිව් පෙරේරා, ෂම්ලි නවාස් සහ දුමින්ද සිල්වා යන අය සහභාගි වුහ. රග්බි පුහුණු උප දේශක වයිපර් ගුණරත්න මහතා විසින් මෙම වැඩසටහන මෙහෙ යවන ලද අතර ශ්‍රී ලංකා
රග්බි සංගමය ඊට අනුග්‍රහය දැක්වීය.ශාන්ත තෝමස් විදුහලට නායකත්වය දුන් රෝහිත රාජපක්ෂ පසු කලක නාවික හමුදාව සහ සී එච් ඇන්ඩ් එෆ් සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේය.

මෙම වන විට ඔහු තර්ස්ටන් විදුහලේ අවුරුදු 19 න් පහළ රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. ශාන්ත පිතර විදුහල් හිටපු ක්‍රීඩකයකු මෙන්ම දැනට ශාන්ත පීතර විදුහල් ප්‍රධාන රග්බි පුහුණුකරුවාද වන රජීව් පෙරේරා ද මෙම අධ්‍යපන වැඩසටහනට සහභාගි විය. ඉසිපතන විදුහලේ හිටපු ෆ්ලෑන්කර් ක්‍රීඩකයා වූ ශම්ලි නවාස්ද ඔහු සමග සිටියේය.

ශම්ලි මේ වන විට ගල්කිස්ස ශාන්ත තෝමස්  රග්බි පිළේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කරයි. හිටපු ද්විත්ව ජාත්‍යන්තර  (රග්බි පාපන්දු හා  පැසිපන්දු ) ක්‍රීඩකයෙක්  වන දුමින්ද ද සිල්වා ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා  කළ අතර ඔහු පසුව සි එච් කණ්ඩායම වෙනුවෙන් සහ හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය.

ඔහු ආනන්ද විදුහලේ රග්බි කණ්ඩායම පුහුණුකරු සහ හොංකොං හි සංචාරය කළ ශ්‍රී ලාංකික සත් සාමාජික කණ්ඩායමේ 19 න් පහළ කණ්ඩායමේ කළමනාකරු ද විය. දැනට ආසියාවේ සිටින්නේ රග්බි
උපදේශකවරුන් 165 දෙනකු පමණයි.  රෝහිත රාජපක්ෂ, රජීව් පෙරේරා, ෂම්ලි  නවාස් සහ දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවේ දැනට සිටින එකම උපදේශකවරයා වන වයිපර් ගුණරත්න මහතා යටතේ වසරක කාලයක් කටයුතු කරනු ඇත.