සිය සැමියාගේ පහරදීමට ලක්වූ ගැබිනි මවක පෙරේදා (30දා) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගාල්ල පොලීසිය පවසයි. ගාල්ල ඇත්තිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඊ.වී.ජී,කාංචනා  (35) නමැති දරුවන් නම දෙනෙකුගේ
මවක මෙසේ පිවිතක්ෂයට
පත්ව ඇත. අදාළ කාන්තාව තෙවරක් විවාහ වී ඇති බවත් පහරදීම සිදුකර ඇත්තේ තෙවන සැමියා විසින් බවත් අනාවරණය වී තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා මත්ද්‍රවලවලට ඇබ්බැහිවූවකු බවත් පෙරේදා (30දා) රාත්‍රියේ සැකකරු විසින් මෙම පහරදීම සිදු කිරිමෙන් පසු දරුවන් විසින් ඇය රෝහලට ගෙන ගොස් ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇත. රෝහල්ගත කිරීමෙන් පසු වෛද්‍යවරුන් විසි සිසේරියන් සැත්කමක් සිදුකර දරුවා බේරාගෙන ඇති බවද පොලීසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලීසිය පවසයි. සැත්කමකින් බේරා ගත් දරුවාගේ තත්වය අසාධ්‍ය බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. ගාල්ල පොලීසියේ නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

-ජිනේෂ් නානායක්කාර-