රුසියාවේ සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියට පත් සංචාරක බ්ලොගර් කෙනෙකු වූ Karaglanova නමැති 24 හැවිරිදි තරුණිය ඝාතනයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඇගේ මළ සිරුර ඇය වාසය කළ බව කියැවෙන මහල් නිවාසයේ සූට් කේසයක් තුළ ඔබා තිබියදී හමුවූ බව වාර්තාවේ.

ඉන්ස්ටර්ග්‍රෑම් ජාලය තුළ ජනප්‍රිය පුවත් මවන්නියකවූ Karaglanova 85000 ක් ෆලෝවර්ස්ලා සහිතව ප්‍රකට නමක් දිනා සිටියාය.

ඇය නිරන්තරයෙන් රටවල් වල සංචාරය කර එහි විස්තර සිය පාඨකයින් වෙත තිළින කළ අයෙකි.
ඇය මෑතකදී සිය වෛද්‍ය උපාධිය අවසන් කරන ලද බවද වාර්තා වී තිබුණි. ඇය අලුත් පෙම්වතකු හමුවූ බවටත් ඔහු සමග ජුලි 30 වනදා උපන්දිනය සැමරීමට නෙදර්ලන්තයට ගමන් කරන බවටත් සිය රසිකයින්ට අවසන් වරට දන්වා තිබී ඇත.

එසේ තිබියදී ඇය දින ගණනාවකින් සම්බන්ධ කරගන්නට බැරිවූ බව ඇගේ පවුලේ අය පොලිසියට දැනුම් දී තිබෙන අතර ඇය නවාතැන්ගෙන සිටි බව කියන තට්ටු නිවාසයේ කාමරයේ සූට් කේසයක් පොලිස් පරීක්ෂාවට ලක්වෙද්දී ඇයව ඝාතනය කර එහි ඔබා තිබෙනු හමු විය.

ඇගේ ඝාතනය ගැන පරීක්ෂණ පවත්වන පොලිසියට එම නිවස තුළ තිබී කිසිදු සැක කටයුතු දෙයක් හමුවී නැති නමුත් සීසීටීවී පරීක්ෂාවේදී ඇගේ පැරණි පෙම්වතා අවසන් වරට නිවසට පැමිණ ගොස් තිබෙන බවට හඳුනාගෙන ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔහුව සොයයි.