ඝාතන සිද්ධීන් හා පැහැරගෙන යාමේ සිද්ධි කිහිපයකට අඳාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කළ ප්‍රධාන විමර්ශන හයක විමර්ශන ගොනු මෙම මස 23 වැනි දිනට පෙර තමන් වෙත ලබාදෙන
ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.ෙ
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීරිත් නොයාර් මහතා පැහැරගෙන යාම,
සහන සේවයේ යෙඳුණු පුද්ගලයන් 17 දෙනකු ඝාතනය කිරිම, තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලියගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම හා  වසීම් තාජුඩීන් ඝාතනය යන සිද්ධීන්වලට අදාළ වාර්තා මෙලස කැඳවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

විමර්ශන ප්‍රමාදයකින් තොරව අවසන් කර විමර්ශන උධෘත ගොනු තමන් වෙත යොමු කරන ලෙසට නීතිපතිවරයා ඉකුත් 15 වැනි දින වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබිණි.
ඒ අනුව ඉහත විමර්ශන පහ සහ මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලියගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අඳළ විමර්ශන සම්බන්ධයෙන් ද වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තා කැඳවා ඇති බව ද රුවන් ගුණසේකාර මහතා කීය.  මෙම වාර්තා විස්තරාත්මක කරුණු 10ක් සම්බන්ධයෙන් එක් එක් සිද්ධියට අදාළව  වෙන වෙනම සකස් කර තමන් වෙත දෙන ලෙසට පොලිස්පතිවරයා දැනුම් දී ඇත.