https://www.gossiplankanews.com/2019/08/28-old-woman-dies-werahera-kothalawala-hospital.html
බොරලැස්ගමුව පොලිස් වසමේ වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට අයත් රෝහලට ඇතුලත් කරන ලද 28 හැවිරිදි තරුණියකගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ අරඹා තිබේ. ඉරිදා (18) සවස 6.45 ට පමණ එම රෝහලේ
සය වන මහලෙන් පහළට පැන

තිබුණ මෙම තරුණිය එතැනම මියගොස් තිබුණි. වැඩිදුර සොයා බැලීමේදී ඇය එම රෝහලේ  මානසික වෛද්‍ය ඒකකයට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටි බව රෝහල් ආරංචි වාර්තා කර තිබේ.

 සය වන මහලෙන් පහලට පැනීම හේතුවෙන් තරුණියක මියගොස් ඇති බවට බොරලැස්ගමුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මේ සම්බන්දයෙන් පොලිස් විමර්ශන ආරම්භ කරන ලද අතර මියගිය තැනැත්තිය වයස අවුරුදු 28ක් වූ අංක 180/01, මාලපල්ල, පන්නිපිටිය ලිපිනයේ පදිංචි ක්‍රිස්ටියන් ෆර්නාන්ඩෝ යන නමින් හඳුනාගෙන තිබේ.

මෘත ශරීරය එම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අද (19) වන දින සිදු කිරීමට නියමිතයි. බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.