මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

2019 අගෝස්තු මස 19 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.


සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින්, විශේෂයෙන් උතුරු, උතුරු-මැද,
ඌව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලිකව තද සුළං වලින් ඇති විය හැකි බලපෑම ද අකුණු මඟින් සිදුවන අනතුරු ද අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

උතුරු, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර
දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට තරමක තද වර්ෂාපතනයන්ද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

-------------

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

2019 අගෝස්තු මස 19 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.


මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ගැඹුරු මුහුදු ප්‍රදේශවල තරමක් තද වැසි ද අපේක්ෂාකළ හැක.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60 දක්වා ඉහල යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදවඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.