https://www.gossiplankanews.com/2019/08/pallewatte-nagananda-combine.html
විකල්ප බලවේගයන් හි ජාතික එකමුතුව නමැති සංවිධානයක් හරහා එක් ජාතික අපේක්ෂකයෙකුට සහාය දෙන්නට තීරණය කරමින් පසුගිය කාලයේ දැඩි කථාබහට ලක්වූ නාගානන්ද කොඩිතුවක්කු හා රොහාන් පල්ලෙවත්ත යන ජනපති අපේක්ෂකයින් අද (16) පැවති රැස්වීමකදී
එකඟතාවයකට පැමිණ තිබේ.

225 + 1 ප්‍රතික්ෂේප කිරීමට සහ සමස්ත පද්ධතියම වෙනස් කිරීමට විකල්ප බලවේගයන් හි ජාතික එකමුතුව විසින් තෝරා ගන්නා ලද එක් ජාතික අපේක්ෂකයෙකුට

සහාය දෙන බවට ඔවුන් සපථ කර තිබේ.
ජාතික විකල්ප සන්ධානයට සංවිධාන 150 කට ආසන්න සංඛ්‍යාවක් හා සංගම් 35 කට අධික සංඛ්‍යාවක් අයත් බව දන්වා තිබෙන අතර
අපේක්ෂකයින් කිහිපදෙනෙකු සිටීමෙන් ඡන්ද විසිරී යන බැවින් එක් ජාතික අපේක්ෂකයෙකුට වැඩ කිරීමට එකඟ වී තිබේ.

 විකල්ප බලවේගයන් හි ජාතික එකමුතුවේ නම් කරන අපේක්ෂකයා අගෝස්තු 22 වනදා හෙළි කරන බව ඔවුන් දන්වා ඇත.
ඉදිරි ජනපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව මේ වනවිට පොදු ජන පෙරමුණ පමණක් දන්වා තිබෙන අතර ජවිපෙ අපේක්ෂකයා
ජාතික ජන බලවේගය නියෝජනය කරන ජවිපෙ සාමාජිකයෙකු බවත් 18 වනදා එය දන්වන බවත් දන්වා ඇත. එජාපය හා ශ්‍රීලනිපයද සිය අපේක්ෂකයින් දන්වන බව පමණක් ප්‍රසිද්ධ කර ඇත.