https://www.gossiplankanews.com/2019/08/no-business-plan-lotus-tower.html#more
බන සැප්තැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිත කොළඹ අලංකාර කරන්නාවූද සන්නිවේදන මධ්‍යස්ථානයක් හා සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයක් බව කියැවෙන්නාවූද නෙළුම් කුළුණ පිළිබඳ කිසිදු ඉදිරි සංවර්ධන සැලැස්මක් නැති බව නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ උපදේශක සහ කණ්ඩායම් නායක මහාචාර්ය සමිත මානවඩු, ව්‍යාපෘතිය ගැන අදහස් දක්වමින්
මාධ්‍ය වෙත කරුණු හෙළි කර තිබේ.

2015 මාර්තු මාසයේ අවසන් කිරීමට නියමිතවූ මෙම ව්‍යාපෘතිය වසර 4 කට වැඩි ප්‍රමාදයකින් අවසන් කිරීම නිසා  රුපියල් මිලියන 5,475 ක අලාභයක් සමඟින් අවසන් කිරීමට රජයට සිදුව ඇති අතර එම පාඩුව පියවා ගැනීමට හෝ කුළුණ විවෘත කළ පසු නිසි ආදායමක්

ඉපැයීම සම්බන්ධයෙන් රජයේ උනන්දුවක් තවම හඳුනාගන්නට නොලැබෙන බව ඔහු දන්වා ඇත.

මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී ලාභ ලබන ස්ථානයක් කිරීමට නම් යම් යම් ආයෝජන සිදුවිය යුතු බවත් ඒ ගැන සොයාබැලීමට තාම කිසිවෙකු වගකීමක් ගෙන නැති බව ඔහුගේ අදහසයි.

මීටර් 350 ක උසකින් යුත් මෙම ඉදිකිරීම  බහු ක්‍රියාකාරී සම්ප්‍රේෂණ රූපවාහිනි සහ විදුලි සංදේශ කුළුණු වලින් සමන්විත වෙයි.
2012 වසරේදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (SLTRC), චීනයේ ජාතික ඉලෙක්ට්‍රොනික ආනයන හා අපනයන සංස්ථාව (CEIEC) සහ අභ්‍යවකාශ දිගු - ජාත්‍යන්තර වෙළඳාම සංස්ථා සමාගම (ALIT) මෙම ගිවිසුමට අත්සන් තැබීය.

නිසි ශක්‍යතා අධ්‍යයනයක් නොමැතිව ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය කවර අරමුණක් සඳහා ඉදි කළේද යන්න මුල සිටම ප්‍රශ්න කාරී වූ අතර ඉදිකිරීම් ප්‍රමාදය නිසා චීන එක්සිම් බැංකුව එයට අනුමත මුදල් නිකුත් කිරීම පමා කර තිබුණි.
ඒ නිසා රුපියල් මිලියන 5,475 ක අලාභයක් සමඟින් එය අවසන් කිරන්නට සිදුව ඇත. ඒ සඳහා වැයවූ විශාල මුදල කෙසේ උපයාගන්නේදැයි ගැටලුකාරී බව පෙන්වා දී තිබේ.