සාලින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ මියයාමෙන් පසු ඒ සඳහා පාර්ලිමේන්ත්‍රවේ හිස්වූ අසුන ජාතික ලැහිස්තුවේ සිටි ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට පිරිනැමීමෙන් පසු පුරප්පාඩු වී ඇති එක්සත් ජනතා
නිදහස් සන්ධානයේ ජාතික

ලැයිස්තු අසුන සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කරන ලෙස ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් විසින් ජනාධිපති  සිරිසේනගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු දන්වා තිබේ.

මහින්ද රාජපක්ෂ තවදුරටත් ශ්‍රීලනිප පාක්ෂිකයෙකු නොවීම මත ඔහු සහ ඔහුට හිතවාදී ශ්‍රීපොජපෙ පිරිස ශ්‍රීලනිපයෙන් ඉවත් කරන්නටත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය චන්ද්‍රිකාට ලබා දෙන ලෙස කථානායකවරයාට දැනුම් දෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මේ පිළිබඳව විශේෂ යෝජනාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 3 වැනිදා පැවැත්වෙන පක්ෂ මහා සමුළුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ආරංචි මාර්ග හෙළි කර තිබේ.