යුද හමුදා සෙබලෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකර ගැනීමක් අද (14) උදෑසන කොටුව පිහිටි ආරක්ෂක අමාත්‍යංශ කාර්යාලයේදී වාර්තාවී තිබේ.
අද බදාදා14 වන අද දින අළුයම 4.10 ට පමණ කොටුව පොලිස් වසමේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ (MOD) ආරක්ෂක රාජකාරී යෙදී සිටි යුධ හමුදා සෙබලෙකු මෙලෙස
දිවිනසාගෙන ඇත.
ඔහු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත.
මියගිය අය අත්තනකඩවල, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක්වූ යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත යුද හමුදා ඉංජිනේරු සෙබල ප්‍රසන්න මනෝජ් මධුසංක ලෙස හඳුනාගෙන තිබේ.
කිසියම් පුද්ගලික ගැටලුවක් මත මෙසේ දිවිනසාගෙන ඇතැයි අනුමාන කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.