මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඩෙවොන් ඇළ සහ මහවැලි ගඟ පිටාර ගැලීම නිසා එම ප්‍රදේශයේ නිවාස 40ක් පමණ ජලයෙන් යට වී තිබෙයි.

 මහවැලි ගඟට ජලය ගලා බසිනා හැටන් ඔය වටවල ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේද පහත් බිම් වල පිහිටි නිවාස 25ක් පමණ ජලයෙන් යට වී ඇත.ෙ
ඊයේ (13) පස්වරුවේ ඇති වූ මෙම තත්වය නිසා නිවාස වල පදිංචිකරුවන් ආරක්‍ෂිත ස්ථාන වලට යොමු කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.