https://www.gossiplankanews.com/2019/08/kurunegala-road-cctv.html
පාරේ ගමන් කළ ලොරි රථයකට තමන් පාර මාරුවනවිට ලොරිය කටයුතු කළ ආකාරයේ වැරැද්ද පෙන්වාදීමට ගිය මගියෙකු එම ලොරි රථයට යටකරන්න හැදූ සිදුවීමක් ගැන  වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල ලෙස කථාබහට ලක්ව තිබේ.
මෙය කොළඹ නුවර පාරේ සිද්ධවූවක් ලෙස
හඳුනාගන්නට ලැබේ.

පාරේ වේගයෙන් ගමන් කළ ලොරිය පාර මාරුවන මගියාට ආසන්න ලෙස  නවතාගත් පසු ඒ ගැන කථාකරන්න මගියා යන අයුරුත් ඒ සමගම ඔහු සිටගෙන සිටි දෙසට හිතාමතා ලොරිය කපා ඔහු තල්ලු කර දමන අයුරුත් සීසීටීවී විඩියෝවේ දැක්වේ.

 මෙම ලොරි රියදුරා මගියා සමග ඇතිවූ බහින් බස්වීම නිසා ඇතිවූ කෝපය මත මගියාව  ලොරියේ හප්පා ඇති බව හඳුනාගන්නට ලැබේ. මගියා පාර පනින ස්ථානය කහ ඉරි සහිත වූවක් නොවන අතර මගියා රියදුරාට කුමක් කීවේදැයි නොදනී.

කෙසේ වෙතත් ඔහුගේ දරුණු ප්‍රතිචාරය මහමග විනය සම්බන්ධ බරපතල ගැටලුවකි. මෙම අනතුර නිසා මගියා පාදයේ ඇතිවූ තුවාල නිසා රෝහල් ගත කර තිබේ.