https://www.gossiplankanews.com/2019/08/foreign-lady-mislead-marriage-sri-lanka.html
ඇයගේ වයස අවුරුදු 61 යි. ඔහුගේ වයස අවුරුදු 26 යි. ඒ කියන්නේ මේ දෙන්නගේ වයස් පරතරය අවුරුදු 35 යි. ඒත් ඒ පරතරය ඇගේත් ඔහුගේත් ආදරයට කිසිම විදියක බාධාවක් වුණේ නැහැ. එහෙම වුණා කියලා මේ ආදර කතාව ලස්සනට ගලාගියාද? ඒ කතාවේ අවසානය පී‍්‍රතිමත්ද? මේ ආදර කතාව ලස්සනට ගලා ගියත් එහි අවසානය කිසිසේත්ම පී‍්‍රතිමත් වුණේ නැහැ. ඒ අවසානය ඛේදවාචකයක්.
ඩයනි ද සොයිසා කියන්නේ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් පළාතේ
ජීවත් වූ 61 හැවිරිදි බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවක්. ජාතියෙන්, බි‍්‍රතාන්‍ය වුණත් ඇය සම්භවයෙන් ශී‍්‍ර ලාංකිකයි. ඒ නිසා ඇයට ශී‍්‍ර ලංකාව ගැන ලොකු කැක්කුමක් තිබුණා. ඉතින් ඇය නිතරම ශී‍්‍ර ලංකාවේ සංචාරය කළා. ස්කොට්ලන්තයේ ඉඳන් ලංකාවට ඇවිත් සතියක් දෙකක් ඉන්නවා කියන එක ලොකු වියදමක් යන වැඩක්. එවැනි එක සංචාරයක් සඳහා රුපියල් මිලියනයක් විතර වැය වන අවස්ථා තිබෙනවා. එහෙත් මුදල් ගැන කල්පනා නොකළ ඩයනි ද සොයිසා නිතරම ලංකාවට ඇවිත් දකුණු පළාතෙත් කඳුකරයෙත් හෝටල්වල නැවැතිලා හිටියා.

මේ අනුව මෙයට වසර 8 කට පෙර ඇය

ශී‍්‍ර ලංකාවේ සංචාරය කළ වාරයකදී ඇයට නවතින්න සිද්ධ වුණේ අහුන්ගල්ලේ සංචාරක හෝටලයකයි. ඒ හෝටලයේදී ඇයට සුවිශේෂී පුද්ගලයෙක් මුණගැහෙනවා. ඔහුගේ නම පි‍්‍රයන්ජන. වයස අවුැදු 26 යි. ඔවුන් අතර වයස් පරතරය අවුරුදු 35 යි. මේ දෙදෙනාගේ පළමුවන හමුවීම හරිම විසිතුරුයි. දකුණු පළාතේ නැරඹිය යුතු තැන් ගැන ඇය ඔහුගෙන් අහනවා. ඔහු ඒ තැන්වලට ඇය එක්ක යනවා. පළමු අවස්ථාවේදී ඔවුන් අතර සම්බන්ධය විදේශීය සංචාරක කාන්තාවක සහ දේශීය සංචාරක මඟ පෙන්වන්නකුට සීමා වුණා. දෙවනුව එය ක‍්‍රමයෙන් මිතුරුකමක් බවටත් පසුව පේ‍්‍රමයක් බවටත් පරිවර්තනය වුණා. ඔවුන් අතර තිබූ අවුරුදු 35 ක වයස් පරතරය ඔවුන්ගේ පේ‍්‍රමයට කිසිදු බාධාවක් වුණේ නැහැ. ඩයනි මහත්සේ පි‍්‍රයන්ජන්ට ආදරය කළා. ඒත් පි‍්‍රයන්ජන් ඩයනිට ආදරය කළාද? කොහොම නමුත් ඩයනි කල්පනා කළේ පි‍්‍රයන්ජන් ඇයට ආදරය කරන බවයි. ඒ වනවිටත් ඔවුන් අඹුසැමි සම්බන්ධය පටන්ගෙන තිබුණා.

හරියට ම අවුරුද්දක් ගතවෙද්දී ඩයනි තීරණය කළා පි‍්‍රයන්ජන් සමග දිගටම ජීවත් විය යුතුයි කියලා. ඇය මේ තීරණය ගත්තේ පි‍්‍රයන්ජන්ගේ සමග අවසන් හමුවීමෙන් පසු ස්කොට්ලන්තයට ගිය විටයි. ඒ අනුව තවත් මාස කිහිපයකට පසු ඇය ලංකාවට ඇවිත් ඒ බව පි‍්‍රයන්ජන්ට කියනවා. ඒ එක්කම පි‍්‍රයන්ජන් ඇයට කියනවා නීත්‍යනුකූලව ලංකාවේදී විවාහ වෙමු කියලා.

මුලදී ඩයනි එයට අදිමදි කරනවා. ඒත් පි‍්‍රයන්ජන්ගේ ඇවිටිල්ල බැහැර කරන්නට බැරි තැන ඇය එයට එකඟ වෙනවා. ’’ අපි කසාද බැන්දේ 2012 දී. ඒ කියන්නේ දැනට අවුරුදු හතකට ඉස්සරයි. මඟුල් දවසට කලින් දවසෙ පි‍්‍රයන්ජන් හිටියේ හුඟක්ම කලබලයෙන්. මඟුල් දවසේ රෙජිස්ට‍්‍රාර් ඉදිරිපිටදී මමත් ඔහුත් අප එකිනෙකා අඹුසැමියන් විදියට භාරගන්නා බවටත් දුකේදී මෙන්ම සැපේදීත් එක්ව සිටින බවටත් දිවුරුම් දෙනවා. මේක කොපමණ බරපතළ දෙයක් ද කියන එක හැබෑවටම මට වැටහුණේ ඒ මොහොතේදී...’’ පසුගියදා ලන්ඩනයේ ෘ්සකහ ඵ්සක පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡුාවකදී ඩයනි ද සොයිසා කියා හිටියා. තමන්ගේ විනාශය එතැනින් පටන් ගන්නා බව ඩයනි ඒ වෙලාවේදී දැනගෙන සිටියේ නැහැ.

ඇය කල්පනා කළේ තමන්ගේ ජීවිතයේ සන්ධ්‍යා සමයේදී ආදරයේ හිරු පෑයූ බවයි. හැබැයි සන්ධ්‍යාවෙන් පස්සෙ ඝනාන්ධකාරය වන බවත්, හඳ එළිය නොතිබුණොත් තවත් කළුවරේ අතරමං වන බවත් ඇයට කල්පනා නොවන්නට ඇති.

මේ විවාහය ගැන ඩයනි මුලින්ම හිතුවේ මෙහෙමයි. :‘‘ පි‍්‍රයන්ජන් මට හුඟක් ආදරෙයි. අපේ වයස් පරතරයවත් නොතකා එයා මාව බඳින්න කල්පනා කරන්න ඇත්තෙත් ඒ නිසයි.’’ කොහොම වුණත් අන්තිමේදී ඇය තීරණය කරනවා ස්කොට්ලන්තය සහ ලංකාව අතර පවත්වාගෙන ගිය ජංගම ජීවිතය අත්හැර දමලා අහුන්ගල්ලේ පදිංචියට එන්න. ඒ සඳහා ඇය මුලින්ම කරන්නේ ස්කොට්ලන්තයේ තිබුණ තම දේපළ විකුණලා පවුම් ලක්‍ෂයක් (රුපියල් කෝටි 2 ක්) උපයා ගැනීමයි. වසර 2015 දී ඇය එම මුදලත්් අරගෙන ලංකාවට එනවා. එයින් පි‍්‍රයන්ජන්ට ගෙයක් හා කුඩා බස් රියක් ඇයම මිලට ගන්නවා. තවත් මුදල් තොගයක් ඔහු අතට දෙනවා. විවාහයෙන් පස්සෙත් ඩයනි දිගටම ජීවත් වුණේ අහුන්ගල්ලේ තාවකාලික නවාතැනකයි. පි‍්‍රයන්ජන්ගේ මව ඇතුළු පවුලේ අය ඩයනි මිලට ගත් නිවසේ පදිංචි වෙනවා. විවාහයෙන් පස්සේ ඔහු ඇය බලන්නට එන්නේ ඉතාම කලාතුරකින්. ඔහු රැය ගත කරන්නේ සිය මවගේ ගෙදර.

පි‍්‍රයන්ජන් සමග විවාහයෙන් අවුරුදු හතරකට පස්සේ, එනම් 2016 දී ඇයටම සිය ජීවිතයේ ශෝකජනකම ආරංචිය ලැබෙනවා. එයින් කියැවෙන්නේ පි‍්‍රයන්ජන් වෙනත් තරුණියක සමග විවාහය වී සිටින කෙනෙක් බවයි. හැබැයි ඇය මේ ගැන අහල පි‍්‍රයන්ජන් එක්ක දබර කරන්නේ නැහැ. ඒත් ඔවුන් අතර නිතරම අවුල් හට ගන්නවා. මිල මුදල් සම්බන්ධයෙන්. මේ අතර අවසන ඇයට ආරංචියක් ලැබෙනවා. දාමරිකයන් දෙදෙනෙක් පි‍්‍රයන්ජන්ට වෙඩි තබා ඇති බව. ඇය ඒ මොහොතේම රෝහලට දුවන්නේ තම තරුණ සැමියා දැක ගන්නටය. ඒත් රෝහල් භූමියේ හිටිය තරුණ කාන්තාවක් කියනවා පි‍්‍රයන්ජන් ටිකකට පෙර මියගිය බව. ඔහුගේ පපුව වෙඩි පහර දෙකකින් සිදුරු වී ඇති බවත් සිරුර මරණ පරීක්‍ෂණය සඳහා ගෙන ගිය බැවින් බලන්නට බැරි බවත් ඇය ඩයනිට කියනවා.

‘‘ඒත් හැමෝම කියන්න පටන් ගත්තා පි‍්‍රයන්ජන් බෙරු මිනීමැරුමක් මවා පාලා, හැංගිලා ඉන්නවා කියලා. මම ලංකාවෙන් ගියාම ඔහු එළියට ඒවි කියලත් ඒ අය කිව්වා...’’ ඒ තමයි ඩයනි බිඳුණු හඬින් කියන කතාව,

මේ අතර පි‍්‍රයන්ජන්ගේ මරණය ඇත්තටම සිදුවූ දෙයක් ලෙස පිළිගන්නා අයත් අහුුන්ගල්ලෙ ඉන්න බව ඩයනි කියනවා. පි‍්‍රයන්ජන් කළ වංචාවට නිසි දඬුවම තුවක්කුකරුවන්ගෙන් ඔහුට ලැබුණ බවයි. ඒ අයගෙ මතය. කොහොම වුණත් ඩයනි ද සොයිසා අද සතේ අතේ නැති ගැහැනියක්. ලංකාවේදී ඇයට හමුවූ පේ‍්‍රම පාරාදීසයෙන් හදිසියේ ආපු ඝන මීදුමකින් වැහිලා ගිහින්. ඒ මීදුම දිය කළ හැකි පේ‍්‍රමයේ හිරුරැස් ඒ පේ‍්‍රම පාරාදීසයට කවදාවත් වැටෙන්නේ නැහැ.

(ඩයනි ද සොයිසාගේ කතාව බි‍්‍රතාන්‍යයේ චැනල් 5 රූපවාහිනියේ පෙන්වනු ලැබීය.)

යුගත්ති යශෝධරා