පසුගිය කාලයේ කුරුණෑගල රෝහලේ මොහොමඩ් සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම හා
අත්ඩංගුවට ගැනීම් නිසා
ආන්දෝලනාත්මක පුවත් මැවූ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් කිත්සිරි ජයලත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම දිසාවට මාරු කර යවා ඇත.
මෙම මාරුව සිදුකර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවයි.
මෙම හිස්තැන පිරවීමට කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ජීඑම්එච්බී සිරිවර්ධන මහතා පොලිස් මූලස්ථානයේ සිට යොමු කර ඇත.
 නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් කිත්සිරි ජයලත් මහතා සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්ද ක්‍රියාත්මකවේ.