ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඳුම වෙනස් කර තිබේ.

මෙම නව
ටෙස්ට් ඇඳුමේ විශේෂත්වය වනුයේ එහි පිටුපස ක්‍රීඩකයාගේ නම සහ ඔහුගේ අංකය සඳහන් කර තිබීමයි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නවසීලන්තය සමග ගාල්ලේදී හෙට ආරම්භවන පළමු ටෙස්ට් තරගයේදී මෙම නව ඇඳුම ඇද ක්‍රීඩා කිරීමට නියමිත ය.