https://www.gossiplankanews.com/2019/08/iran-couple-nabbed-katunayake.html
ව්‍යාජ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින්, ශ්‍රී ලංකාව හරහා ප්‍රංශය වෙත යෑමට උත්සාහ කළ ඉරාන ජාතික තරුණයෙකු සහ තරුණියක් පෙරේදා 22 දින සවස අත්අඩංගුවට
ගෙන යළි ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගත්හ. මෙම 28 හැවිරිදි ඉරාන ජාතික තරුණිය සහ 18 හැවිරිදි ඉරාන ජාතික තරුණයා පෙරේදා 22 දින
සවස 3.00 ට තුරකියේ ඉස්තාන්බුල් නුවර සිට පැමිණි තුරකි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු සඳහා පැමිණෙන බව පවසමින් මෙරටට පැමිණි ඔවුන් දෙදෙනා, තමන් ප්‍රංශ ජාතිකයන් බව හඟවමින්, දින කීපයක්

මෙරට තුළ ගත කිරිම සඳහා රටට ඇතුළු වීමට මෙම ප්‍රංශ ජාතික ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර, ගුවන් තොටුපළ තුළ පිහිටි ආගමන විගමන දෙපාරතමේන්තු කවුළු දෙකක් වෙත ඉදිරිපත් කර තිබුණි. මෙම එහිදී එම නිලධාරින් මෙම ගුවන් ගමන් බලපත්‍ර සිය පරිගණක පද්ධතියට යොමු කළ විට, ඒවා ජාත්‍යන්තර පොලිසියේ (Interpol) රතු දත්ත ලේඛනයට ඇතුළත්ව ඇති ඒවා බවට හඳුනාගෙන තිබේ. ඉන්පසු වහාම මෙම තොරතුරු කොළඹ පිහිටි ජාත්‍යන්තර
පොලිස් තොරතුරු කාර්යාංශය වෙත ද, යොමු කළ අතර, එහිදී යම් විදෙස් රටකදී මෙම ගුවන් ගමන් බලපත්‍ර නැති වී ඇති ඒවා ඇසුරෙන් සකස් කර ඇති ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර බව අනාවරණය විය. පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි දේශ සීමා ආවේක්ෂණ ඒකකය වෙත මෙම ගුවන් ගමන් බලපත්‍ර යොමු කළ විට ද, එහි තිබූ ප්‍රංශ ජාතික ගුවන් ගමන් බලපත්‍රවල ඇති ඡායාරූපවලට කිසියම් සමානකමක් මොවුන් දෙදෙනාට ඇති බැවින්, ඔවුන් මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර යොදාගෙන ප්‍රංශය වෙත පලා යෑමට උත්සාහ ගන්නා බව තහවුරු විය. මේ අවස්ථාවේ දී මෙම ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍ර ඇසුරෙන්
මොවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කීපයක් ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාරතමේන්තු නිලධාරින් විමසූ විට, එම ගමන් බලපත්‍රයේ ඉහළින්ම ඇති "ෆොන්සේ” යන වචනය ඉතා අපහසුවෙන් කියවා ගැනීමට මෙම ඉරාන ජාතික තරුණිය සමත් වූයේ, ඇය සතුව පැවති යම්තාක් දුරකට ප්‍රංශ භාෂාව හැසිරවීමේ හැකියාව

උපයෝගී කරගෙන බව එම නිලධාරීහු කීහ. පසුව මොවුන්ගේ ගමන් මලු වැඩිදුරටත් පරීක්ෂක්ෂා කිරීමට ආගමන විගමන නිලධාරීන් පියවර ගත් අතර, එහිදී එහි සඟවාගෙන තිබූ ඔහුගේ සැබෑ ඉරාන ජාතික ගුවන් ගමන් බලපත්‍ර සොයා ගැනීමට එම නිලධාරීහු සමත් වූහ. එහෙත් ඔවුන් තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට යොදා ගෙන තිබූණේ ද, එම ඉරාන ජාතික ගුවන් ගමන් බලපත්‍ර බව, මෙහිදී සිදු කළ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය විය. මෙසේ ව්‍යාජ ප්‍රංශ ජාතික ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කරගනිමින්, මොවුන් දෙදෙනා ප්‍රංශය වෙත යෑමට මෙරටට පැමිණි බව තහවුරු වූ බැවින්, ඔවුන් සතුව තිබූ එම ප්‍රංශ ජාතික ගුවන් ගමන් බලපත්‍ර දෙක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගැනුනි. පසුව මෙම ඉරාන ජාතිකයන් දෙදෙනා කටුනායක ගුවන්
තොටුපළ වෙත පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 731 දරන ගුවන් යානයෙන් ආපසු තුරකියේ ඉස්තාන්බුල් නුවර වෙත පිටුවහල් කිරීමට ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගත්හ.
ගුවන් තොටුපළ එදින සේවය කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ඩබ්ලිව්.පී.එන්. වීරසිංහ සහ එච්.එම්.ඩබ්ලිව්. උදය කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණෙය යටතේ ආගමන විගමන නිලධාරීන් වන පී.ඒ.සී.පී. පතිරාජ සහ බී.එම්. ගාල්ලගේ යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වූහ.