https://www.gossiplankanews.com/2019/08/gotabhaya-nominated-as-president-candidate.html#more
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති පොදුජන පෙරමුණු සම්මේලනයේදී
දැන්වීය.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම නිවේදනය කිරීමත් සමග එම පක්ෂ හිතවාදීන් රටපුරා ප්‍රීති ඝෝෂා පැවැත්වීම්,  රතිඤ්ඤා පත්තුකිරීම් සිදු කරන ලදි.

2019 වසර අග පැවැත්වීමට නියමිත එළැඹෙන ජනපතිවරණය ඉලක්ක කරගෙන ඒ අනුව ශ්‍රීපොජපෙ ප්‍රචාරණය පැහැදිලි ලෙස ඇරඹීණී. ඊයේ රාත්‍රියේ කැළණි විහාරය වන්දනා කිරීමට ජනපති අපේකෂක ගෝඨාභය ගමන් කළ අතර එයට මහින්ද සොයුරුද එක්විය. අද (12) අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධිය වැඳ ආශිර්වාද ගැනීමට ගෝඨාභය මහතා ගමන් කරන බව වාර්තාවේ.
ගෝඨාභයගේ නම් කිරීමේ අවස්ථාවට එස්බී,ඩිලාන්,අමුණුගම,අනුර ප්‍රියදර්ශන ඇතුළු ශ්‍රිලනිප ප්‍රබලයින් එක්වීම නිසා ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශ්වය බේදීයාමේ ලකුණු පළ කර ඇත. ඉතිරිව සිටින දයාසිරි,අමරවීර
හා දුමින්ද දිසානායක ඉදිරියේ කවර තීරණයක් ගනු ඇතිද යන්න ගැන විවිධ මත පළව තිබේ. මෛත්‍රිපාල සිරිසේන පොහොට්ටු ඡන්ද ලබාගතහැකි ජනපති අපේකෂකයෙකු කිරීමේ සිහිනය මෙම නම් කිරීමත් සමග බිඳ වැටී තිබෙන තත්වයක් තුළ ශ්‍රිලනිපයේ සාකච්ඡාද බිඳ වැටී ඇත.
මේ සමගම එජාපයේ ජනපති අපේකෂකයා ලෙස සජිත් නම් කිරීමේ වැඩි ඉඩක් එම කඳවුරෙන් වාර්තාවන අතර ගෝඨාභයට තරගයක් ලබාදිය හැකි අපේක්ෂකයකු නම් කිරීමේ උවමනාව මේ අනුව මතුව තිබේ.