ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම එක්සත් ජාතික පක්ෂට අභියෝගයක් නොවන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. නිසි වේලාවේදී එක්සත් ජාතික
පක්ෂය දිනන අපේක්ෂකයා ජනාධිපතිරණයට නම් කරන බව
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
 මතුගම හා අලුත්ගම යා කෙරෙන නව මාර්ග හා පාලම් පද්ධතිය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී ඔහු ඒ බව කීය.
මේ අතර ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කිරීම තවමත් ප්‍රමාද ඇයි දැයි මාධ්‍යවේදීන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගෙන්ද විමසා සිටි විට අපේ පක්ෂයේ පිලිවෙලක් තිබෙනවා ඉදිරි සතියේ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදි මෙම තීරණය ගන්නවා.අපේ පවුල් පාලන නෑ යයි
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල  මහනුවරදී කියා තිබේ.