https://www.gossiplankanews.com/2019/08/gotabhaya-no-us-citizen-rejected-list.html
මරිකානු පුරවැසිභාවය අහිමි වූ හෝ අවලංගු කළ පුද්ගලයින් පිළිබඳ එක්සත් ජනපද රජයේ නවතම නිවේදනයේ  ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම අඩංගු නොවන බව අද (15) ඩේලි නිව්ස්
පුවත්පත වාර්තා කර තිබේ.එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.

ඔහු සහ ඔහුගේ හිතවාදීන් ගෝඨාභය දැන් එක්සත් ජනපද පුරවැසියෙකු නොවන බවට ප්‍රකාශ කළද, අලුතින් ප්‍රකාශයට පත් කරන ලද 2019 ජුනි 30 න් අවසන් කාර්තුවේදී ඇමරිකානු පුරවැසිභාවය අතහැර දැමූ පුද්ගලයින්ගේ ලැයිස්තුව තුළ සඳහන්ව නැත.

රාජපක්ෂ මහතා 2019 අප්‍රේල් 17 වන දින සිය එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීම සඳහා ලිපි ලේඛන භාර දුන් බව වාර්තා විය. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආදායම් සේවය (අයිආර්එස්) විසින් නිකුත් කරන ලද ලේඛනය 2019 අගෝස්තු 7 වන දින

පළවූ අතර එහි ඇමරිකානු පුරවැසිභාවය අහිමි වූවන් අතර රාජපක්ෂගේ නම අඩංගු නොවේ. එය එක්සත් ජනපද පුරවැසිභාවය අහිමි වන එක් එක් පුද්ගලයාගේ නමත් 2019 ජුනි 30 න් අවසන් කාර්තුවේදී ලේකම්වරයාට තොරතුරු ලැබුණේ කාටද යනුවෙන් විස්තරාත්මකව පළවන පිටු 17 කින් යුත් ලේඛනයකි

2019 මාර්තු වලින් අවසන් වූ මාස තුන සඳහා IRS විසින් සම්පාදනය කරන ලද කාර්තුමය වාර්තාවේ රාජපක්ෂගේ නම නොතිබූ අවස්ථාවේ රාජපක්ෂගේ සහායකයින් තරයේ කියා සිටියේ ඔහු 2019 අප්‍රේල් මාසයේ දී සිය ලිපි ලේඛන භාර දී ඇති බැවින්, ඔහුගේ නම අගෝස්තු මාසයේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත IRS ​​ලැයිස්තුවේ සඳහන් වනු ඇති බවයි. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂගේ නම 2019 අගෝස්තු ලැයිස්තුවේ ද නොමැත.

 අත්හැරීම සනාථ කිරීම සඳහා ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, මේ මස මුලදී ගෝඨාභය හිතවාදී මාධ්‍ය ආයතන,

එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීම සඳහා වූ ඔහුගේ ඉල්ලීම 2019 මැයි 3 වන දින පිළිගෙන ඇති බව සනාථ කිරීම සඳහා ලියවිල්ලක් නිකුත් කර තිබුණ නමුත් එහි සත්‍ය අසත්‍යතාවය කිසිවෙකු දන්වා සිටියේ නැත.

පසුගිය සතියේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ගාමිනි වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද්විත්ව පුරවැසියෙකු ලෙස තම තත්වය ප්‍රකාශ නොකර හෝ පුරවැසි පනත යටතේ ප්‍රකාශයක් නොකර නව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබාගත්තේ කෙසේද යන්න සොයා බලන ලෙසයි. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත විසින් කරන ලද විමර්ශන වලදී 2005 නොවැම්බර් මාසයේදී රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් ආකාරය පිළිබඳ අක්‍රමිකතා සොයා වාර්තා කර තිබුණි.

2015 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධනය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන වගන්තියට අනුව, ශ්‍රී ලංකාව හැර වෙනත් රටක පුරවැසියෙකු නම් කිසිදු පුද්ගලයෙකුට ජනාධිපති ධුරයට තරඟ කිරීමට හෝ ජනාධිපති ලෙස සේවය කිරීමට නොහැකිය.