මහියංගණ, දඹගල්ල, කුඩාවැව ගම්මානයේ නිවසකට ඊයේ (05දා) අලුයම එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහියංගණ පොලීසිය පවසයි.  එම ප්‍රදේශයේ පදිංචි ජේ.එම්. ශාලිකා
මධුෂානි ද (08) නමැති කුඩා දැරියක
මෙසේ ජීවිතයට පත්ව ඇත. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ ඇගේ මිත්තනිය  රෝහල් ගතකර තිබේ.

ගම්වැදුණු වනඅලියා එම නිවසේ ඇති වී කෑමට - බිත්තියක් පෙරළා නිවසට ඇතුළු වීමට තැත්කිරීමේදී පෙරළුණු බිත්තියට යටවීමෙන් එම දරුවා ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සැක කෙරේ.  මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දැරිය මහියංගණ රෝහල වෙත රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.


මේ අතර මෙමම සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කොට සිටින මිත්තනියගේ තත්ත්වයද බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මහියංගණ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වයි.

-රවිඳු දසුන්-