කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයේ ලංසිගම ප්‍රදේශයේදී වෑන් රථයක ගැටුණු පාපැදිකරුවෙකු රෝහල්ගත කිරීමට ගෙනයන  මුවාවෙන් රැගෙන ගොස් කැළෑවක දමා ගිය අනතුරට පත් වෑන් රථයේ රියදුරු වයික්කාල
තෝප්පුව පොලිස් මාර්ග බාධකයේදී ඊයේ (12දා) අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය පවසයි.  සැකකරු 24 හැවිරිදි අඹන්පොළ පදිංචිකරුවෙකි.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ, ලංසිගම කුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි එම්මානුවෙල් ප්‍රනාන්දු (අවු. 83) නමත්තෙකි. 
වෑන්රිය හලාවත දෙසට ධාවනය වෙමින් තිබීයදි ලංසිගම ප්‍රදේශයේ අතුරු මාර්ගයක  සිට පාපැදියක් ප්‍රධාන මාර්ගයට යොමු කිරීමත් සමගම පාපැදිය වෑන් රථයේ ගැටි ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.

අනතුරින් තුවාල ලබා සිටි පාපැදිකරු  රෝහල්ගත කරන බව පවසමින් වෑන් රථයෙන්  ගෙන ගොස් මහවැව මට්ටකොටුව මාර්ගයේ  ලුණුඔය පාලම අසල කැලෑවක දමා වෑන් රථයේ රියදුරු පලාගොස් ඇති බව හෙළිවී තිබේ. අසල්වාසීන්ට සැකසිති වෑන්රථයේ අංකය  පොලිසියට දැන්විමෙන් පසු වෑන් රථය හා එහි රියදුරු තෝප්පුව පොලිස් මාර්ග බාධකයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව පොලිස් කණ්ඩායමක් මට්ටකොටුව ලූණුඔය පාලම අසල කැලෑවක තිබි අනතුරින් මියගිය පුද්ගලයාගේ සිරුර සොයා ගිගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික විජේසිංහ මහතාගේ උපදෙස් අනුව උප පොලිස් පරීක්ෂක චමෝද් ධර්මප්‍රිය ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

-රවින්ද්‍ර ලියනගේ-