ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්‍ෂකයෙකුට 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම අවිනිශ්චිත තත්ත්වයක් බවට පත්ව තිබෙන නිසා දෙවැනි හා තුන්වැනි මනාපය ඉතාමත් වැදගත් සාධකයක්  වන බව පැෆරල්
සංවිධානය පවසයි.මෙතෙක් කළක්

දෙවැනි තුන්වැනි මනාපය ලකුණ කිරීම පිළිබඳ විශාල වශයෙන් ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය නොවූ බවත්, එහෙත් මෙවර එම කටයුත්ත ජාතික වශයෙන් සිදුකළ යුතු බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරචිචි මහතා සඳහන්
 කළේය.

දෙවැනි හා තුන්වැනි මනාපය ලකුණු කිරීම නිවැරදි ලෙස සිදුනොකළ හොත් ඡන්දය අවලංගු වී යන බවත්, මේ නිසා වගකිවයුතු  ආයතන දෙවැනි හා තුන්වැනි මනාපය ලකුණ කරන ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බවත් ඒ මහතා පැවසීය.නිවැරදි ලෙස සිදුනොකළ හොත් ඡන්දය අවලංගු වී යන බවත්, මේ නිසා වගකිවයුතු ආයතන දෙවැනි හා තුන්වැනි මනාපය ලකුණ  කරන ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

-ඉන්දික හේවාවිතාරණ-