දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල හේවාගම පිවිසුම් සිට කොතලාවල පිවිසුම දක්වා ආරක්ෂිත වැටෙහි කිලෝ මිටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් සොරෙන් කපා විකුණා තිබූ බව කියන පස් දෙනකු ඊයේ (26) දින
අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
දකීර්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් නිළාධාරින්ගෙන් ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හැකි වූ බවද පොලිසිය පවසයි.

සැකකරුවන් පස්දෙනා විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටෙහි මීටර් 1800ක ප්‍රමාණයක තිබු ආරක්ෂිත දැල හා ජී.අයි බට සොරාගෙන ගොස් යකඩ මිලට ගන්නා මාලබේ හා කඩුවෙල වෙළඳසල් දෙකකට විකුණා තිබිය දී සොයා ගැනීමට හැකි වී ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව අත්තේ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු  30-37 ත් අතර වන පස් දෙනෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-කේ.බුද්ධික කුමාරසිරි-