https://www.gossiplankanews.com/2019/08/bandaragama-friends-story.html#more
විවාහයකට සූදානම්වී සිටි තරුණයෙකුගෙන් කප්පම් ගන්නට ආ ඔහුගේ සමලිංගික මිතුරන් කිහිපදෙනෙකු නිසා සිදුවූ අලකලංචියක් පසුගියදා බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා විය.
මේ කියන තරුණයා මෑතක මනාලියක කැන්දාගෙන යුග දිවියට පිවිසෙන බවට ආරංචි පැතිර තිබූ අතරවාරයේ ඔහු සමග කලකට පෙර බෝඩිමක එකට සිටි
මිතුරන් කිහිප දෙනෙකු මෙම කටයුත්තට අකුල් හෙළා තිබේ. මෙම තරුණයා ඔවුන් සමග සිටි කාලයේ එම මිතුරන් සමග සමලිංගික ඇසුරකට ඇබ්බැහිවී තිබී ඇති අතර තම මිතුරා එම සබඳකම් සියල්ල අමතක කර දමා නව මනාලියක කැන්දාගෙන පිළිවෙලක් වෙන්නට යන ආරංචිය ඔවුන්ගේ කණස්සල්ලට හේතුවී ඇත.

මේ හේතුවෙන් විවාහය සිදු නොකරන්නැයි දිගින් දිගටම දුරකථන මාර්ගයෙන් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් තම දුරාචාරයන්ගෙන් මිදී අලුත් ජීවිතයකට පිවිසීමට ආසාවෙන් පසුවූ මෙම තරුණයාට මෙම ඇමතුම් වදයක්වී ඇත. විවාහයට දින කිහිපයක් තිබියදී තරුණයා කම්පනයට පත්කරන ආකාරයට මෙම ඇමතුම් ප්‍රචණ්ඩවී ඇති අතර ඔවුන් සතුව සමලිංගික හැසිරීම් වල පටිගතවූ වීඩියෝ කොටස් තිබෙන බවත් ඒවා මනමාලියගේ පාර්ශ්වයට පෙන්වා විවාහ මංගල්‍යය කඩාකප්පල් කරන බවට තරුණයාට දුරකථනයෙන් මරණීය තර්ජනය කර තිබේ.

සත්‍ය ලෙසම එවන් වීඩියෝ ක්ලිප් ඇති බව දැනුවත්ව සිටි තරුණයා එසේ නොකරන්නැයි බැගෑපත්වී තිබේ. එම අවස්ථාවේ සමලිංගික මිතුරන් දන්වා ඇත්තේ රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ලබා දෙන්නේ නම් එම කටයුත්ත නොකර සිටිය හැකි බවයි.
මෙම තර්ජනය ගැන අතිශය කම්පනයට පත්ව සිටි තරුණයා බලාගත්අත බලාගෙන කල්පණා කරමින් මෙයින් මිදීමට පිළියම් සිතමින් සිටිද්දී මෙම කරදරය කුමක්දැයි තරුණයාගේ සොයුරෙකු විමසා තිබේ.

මුලදී ගැටලුව හෙළි නොකරත් සොයුරාගේ පෙරැත්තය මත තමන්ගේ සමලිංගික හැසිරීම් ගැන මෙන්ම අදාළ තර්ජනය ගැන විස්තර තරුණයා සොයුරාට පවසා තිබේ. ඔහු දන්වා ඇත්තේ පොලිසියට කියමු කියාය. පසුව බණ්ඩාරගම පොලිසියට ගිය දෙදෙනාට ලැබුණ උපදෙස් මත සමලිංගික මිතුරන්ට ඇමතුමක් ගෙන තමාට මුදල් දිය හැකි නමුත් මෙම අවස්ථාවේ ලක්ෂ 10 ක් නැතැයිද ලක්ෂ 5 ක් අවශ්‍ය නම් ලබාදිය හැකි යයිද තරුණයා දන්වා ඇත.

 පසුව සමලිංගික මිතුරන් ඊට එකඟවී ඇත.

කප්පම් මුදල ලබාගන්නට සමලිංගික මිතුරන් පැමිණ ඇත්තේ එක් මිතුරෙකුට අයත් ත්‍රීරෝද රථයකිනි. ඔවුන් බණ්ඩාරගම නගරයේ ස්ථානයකට උපක්‍රමශීලීව ගෙන්වාගත් අවස්ථාවේ අත්අඩංගුවට ගතහැකිවූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 37 හා 29 වයසේ පසුවන අතර බණ්ඩාරගම රයිගම උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි අය වෙති.

මුදලක් ලබාගැනීමට පැමිණි සමලිංගික මිතුරන් එක් අයෙකු ගස් කපන්නකු වන අතර අනෙකා ත්‍රිරෝද රථ
රියැදුරකුය. ඔවුන් බණ්ඩාරගමදී ඊයේ (15දා) අත්අඩංගුවට ගත් අතර කප්පම්කරුවන් පැමිණි ත්‍රිරෝද රථයද පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධියට අදාළ තරුණයාගේ පුද්ගලකත්වය ආරක්ෂා කිරීමට ඔහුගේ නම හෙළි නොකළ පොලිසිය පැවසුවේ පෙර යොදාගත් ආකාරයට ඔහු ලබන සතියේ විවාහවනු ඇති බවයි.