පහරදීම නිසා ශිෂ්‍යාවක අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබීමේ සිද්ධියක් ගැන බදුල්ල පොලිසිය සිදු කළ විමර්ශනයකදී නවාතැන් ස්ථානයක පෙරතැන්පතුව (ඩිපොසිට්) යළි ඉල්ලීම නිසා අසාධාරණ ලෙස එම හිමිකරු විසින් සිදුවියට පහරදී ඇති බව හෙළිව තිබේ.
 බණ්ඩාරවෙල කන්දකැටිය
ජී චතුරංග නමැති නවාතැන්පළ හිමිකරු විසින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජල සම්පත් කළමනාකරණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට මෙම හිරිහැරය සිදුකර තිබේ.

 අවුරුදු විසිදෙකක් වයසැති මෙම ශිෂ්‍යාව මෝදර ගිංතොට ප‍්‍රදේශයේ පදිංචි කාරියකි. නවාතැන්පළට ශිෂ්‍යාව පැමිණෙන විට රාත‍්‍රී වන නිසා නවාතැන් හිමිකරු විසින් මෙම ශිෂ්‍යාවට නවාතැනෙන් පිටවන ලෙස පවසා ඇත. එවිට ශිෂ්‍යාව විසින් නවාතැනෙන් පිටවීමට නම් තමා විසින් නවාතැනේ රැඳවුම් මුදල් ලෙස ලබාදී ඇති රුපියල් පන්දහසක මුදල ලබාදෙන ලෙස ඉල්ලා ඇත. එයට නොකැමැතිවූ හිමිකරු ඇතිවූ බහින්බස්වීම සමග මෙම පහරදීම සිදුකර ඇතැයි ශිෂ්‍යාව බදුල්ල පොලිසියට පැමිණිලි කර ඇත. මෙම ශිෂ්‍යාවට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

කරුණාරත්න පල්ලේගම