ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා බකමුණ ප්‍රදේශයේ පෙරේදා (03දා) පෙරවරුවේ පැවැති උත්සවයක් සඳහා ගමන් කරමින් සිටි අවස්ථාවේදී එම කාර් රථයට ගත් සමගාමීව ගමනට බාධා වන අයුරින් ගමන් ගත් කැබ් රථයක් අත්අඩංගුවට ගත් බව බකමුණ පොලීසිය පවසයි.

සැකකකරු 50 හැවිරිදි මැදගම ප්‍රදේශයේ
පදිංචිකරුවෙකි. ජනාධිපතිවරයාගේ  ප්‍රධානත්වයෙන් බකමුණ ප්‍රදේශයේ පැවැති උත්සවයක් සඳහා බකමුණ -දඹුල්ල  මාර්ගයේ ගමන් කරමින් සිටියදී ජනාධිපතිවරයා ගමන් ගත් රථයට සමගාමීව අධික වේගයෙන් ගමන් ගත් කැබ් රථයක් වහාම විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් රථයක් හරස් කොට කැබ් රථය නවත්වා කැබ් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන බකමුණ පොලීසියට භාරදී තිබේ.

සැකකරු සහ කැබ් රථය හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් බකමුණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-ඩබ්.ඒ.පියතිලක-