https://www.gossiplankanews.com/2019/08/3months-later-found-thejantha-body.html#more
සුගිය අප්‍රෙල් 21 වනදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයට ගොදුරුවූ එම හෝටල් සේවක විහඟ තේජාන්ත (20) ගේ මෘත ශරීරය ඔහුගේ මරණින් පසු තුන්මාස දානයද ලබාදී
දින 5 කට පසු නිවසට ලැබීමේ පුවතක් වාර්තා විය.
ගනේමුල්ල බුලුගහගොඩ පදිංචි මෙම තරුණයා ෂැංග්‍රිලා හෝටලයේ ඉදිරි ආපන ශාලාවේ එදින සේවය කරමින් සිට ඇත.
සීසීටීවී පරීක්ෂාවේදී ඔහු සහරාන් අසලම සිටින අයුරුත් සහරාන්ගේ පුපුරුවාගැනීමට තත්පර කිහිපයකට පෙර ඔහු සහරාන් දෙස

සැකයෙන් බලා පිටට තට්ටුවක් දමා කිසිවක් විමසන අයුරුත් දක්නට ලැබුණ බව මියගිය තේජාන්තගේ පියා දන්වා ඇත.

ඒ සමගම වාගේ සහරාන් පුපුරුවාගැනීම සිදු කළ අතර මේ නිසාම තේජාන්ත දරුණු පිපුරුමේ ගොදුරක් විය. මියගිය අයගේ මළ සිරුරු අතර තේජාන්තගේ සිරුර හඳුනාගැනීමට අපහසු විය. සිරුරු කොටස්වල ඩීඑන්ඒ විමසා මළ සිරුර භාර දීම කල් ගත විය.
කෙසේ වෙතත් මාස 3 ක් යනතුරුත් එය පමාවීම ගැටලුසහගත වූ බව තේජාන්තගේ පියා මාධ්‍ය වෙත දන්වා ඇත.

මැයි 29 වනදා පියාගේ රුධිර සාම්පල යැවීමෙන් පසු මෙම පරීක්ෂණ සිදු කළ මුත් ඒ ගැන සොයා බලන්නට කිසිවෙකු සිට නැත. පසුව තේජාන්තගේ පියා ඒ ගැන විමසමින් පසුගිය ජුලි 26 වනදා රජයේ රස පරීක්ෂක කාර්යාලයට ගිය පසුව සිරුර මේ ආකාරයට නිවසට ගෙන ඒමට කටයුතු කර තිබුණි. ලැබුණ මෘත ශරීර කොටස් වසා තිබුණ අතර ඒවා ලැබුණ දිනයේම භූමිදානය කරන්නට පවුලේ අය කටයුතු කර තිබුණි.