ගුවන් විදුලි නිවේදිකාවක ලෙස කලක් ජනප්‍රිය නමක් දිනා සිටි රාජිණී ජාලියගොඩ පසුගියදා මෙහෙණියක ලෙස බුදු සසුනට එක්වූ බව ඇගේ යෙහෙළියක වන රසාදරී පීරිස් (මුණසිංහ) දන්වා තිබේ. රාසාදරී ඇය ගැන
තැබූ ෆේස් බුක් සටහන මෙසේය.

"රාජිනී ජාලියගොඩ " නම් වූ සොදුරු මාධ්‍යවේදීනිය...මගේ ආදරනීය මිතුරිය අද අලුයම " දෙහිවල භාරතී "" නමින් සසුන්ගතවූ බව ඇයට ආදරය කරන ඔබ වෙනුවෙන් මෙසේ සටහනක් තබමි...හිරු ගුවන් විදුලියේ " ආදර රේඛා.." හැඩ කල ඇගේ තැන්පත් හඩින් ඇය හෙට දිනයේ දහම් දෙසනු ඇත...ඇය අද උදෑසන ඇයගේ මේ තීරණය තුල ලැබු සැහැල්ලුව සැනසීම ගැන පැවසු වදන් ...මහා බරකින්..මහත් කම්පනයකින් මගේ හිත තුල තැන්පත් විය.. ( ආරාමයේ අවසර ඇතිව සටහන් කලෙමි...)