https://www.gossiplankanews.com/2019/08/athula-amaya-harsha.html#more
මීට වසර හත අටකට පෙර අමායා හා අතුල අධිකාරි අතර විවාහය සිදුවූයේ අතුල - සමිතා විවාහය තුළ වාර්තාවූ බාහිර මැදිහත්වීම් ගැන ආරංචි වලින් අනතුරුවය. පසුව අමායා අතුලට දාව දියණියක ලද අතර ඇයට දැන් වයස 7 කි. කෙසේ වෙතත් අමායා- අතුල විවාහයද ප්‍රශ්නකාරී වූ බවත් ඔහු නිවසට පැමිණෙන්නේ නැතිව සංගීත වැඩ කරමින් ස්ටුඩීයෝ වල නතරවී කලකිරුණු අමුතු ජීවිතයක් ගත කරන්නෙකු බවත්
අමායා චෝදනා කරමින් සිටියාය. කෙසේ වෙතත් 53 හැවිරිදි අතුලගේ ජනප්‍රියත්වය හරහා 30 හැවිරිදි අමායාද ටෙලි හා නිරූපණ ක්ෂෙත්‍රයේ කැපී පෙනුනාය.
දැන් වාර්තාවන්නේ අමායා දෙවැනි දරුවෙකු ලබන්නට සූදානම් වන කතාවකි. අමායා දැන් වසර 4 ක පමණ සිට හර්ෂ නමැති අයෙකු හා එක්ව ජීවත්වන බවත් එම ඇසුරට අතුලගේ ආශිර්වාදය පවා හිමිව ඇති බවත් බටහිර රටවල මෙවැනි දේවල් ගණන් නොගන්නා දේවල් බවත් අමායා දැන් කියා සිටී.
මේ ගැන පසුගිය සතිඅන්තයේ අමායා පැහැදිලි කර තිබුනේ මෙසේය.

'ඔව්. මම දෙවැනි වතාවටත් මවු පදවිය ලබන්න සූදානම් වෙනවා. මවු පදවිය

තමයි මේ ලෝකේ තියෙන
සුන්දරම සහ හොඳම පදවිය. මගේ දෙවැනි බබා තව මාස තුන හතරකින් අපේ කැදැල්ලට එනවා. දුව හරිම ආසාවෙන් ඉන්නේ. එයා මගේ බඩ බදාගෙන අහනවා නංගියෙක් හරි මල්ලියෙක් හරි බඩේ ඉන්නවද කියලා. මගේ අක්කාට බබාලා තුන් දෙනෙක් ඉන්නවා. අපේ දුවට අලුත් අත්දැකීමක් මම එයාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේන එක. ඉතිං එයා නිතරම ඒ ගැන අහනවා.
දකින අයත් කියන්නේ මට පුතෙක් ලැබෙන්න ඉන්නේ කියලා. දුවෙක් වුණත් පුතෙක් වුණත් අපිට වටිනවා. දරුවගෙ තාත්තා හර්ෂ.
මම අවුරුදු හතරක් තිස්සේ ආදරය කරන්නේ එයාට. ඒ හර්ෂ ධනෝෂ්.
මගේ ජීවිත කතාව එතනමයි. මීට අවුරුදු හතරකට කලින් සිදුවුණ වෙනස තමයි තාම තියෙන්නේ. ජීවිතේ අලුත්
කරගන්න කියලා මම අතුලගෙන් දික්කසාද වෙලා නැහැ. අතුලටයි මටයි අවුරුදු හතක දුවෙක් ඉන්නවා. ආයෙත් කසාද බඳින්න මට බැරිකමක් නැහැ. ඒත් අපි අපේ දරුවා ගැන හිතනවා. අතුලගෙන් දික්කසාද
වෙලා ආයෙත් කසාද බඳින්න ආසාවක් නැහැ.හැබැයි මට කාට හරි ආදරය කරන්න අයිතියක් තියෙනවා. අතුලයි මමයි වෙන් වෙලා හිටියත් දික්කසාද වෙන්නේ නෑ. එයා මට වෙන කෙනෙක්ට ආදරය කරන්න එපා කියලා නැහැ. කොච්චර ආදරෙන් ඉන්න අය වුණත්
වෙනස් වෙන්න යන්නේ තත්පරයයි.ආයෙත් කසාද බැඳලා රටට ලෝකයට කසාදේ පෙන්නගෙන ඉන්නවට වඩා කසාද නොබැඳ හරි ආදරෙන් ඉන්නවා නම් ඒක හොඳයි.පිටරටවල ඕන තරම් අය ලිවින් ටුගෙදර් ඉන්නවා. කසාද බඳින්න ඕන. ඒ බැඳගත්තම බැඳගත්ත බෙරේ ගහන්නම ඕනේ කියලා මම හිතන්නේ නැහැ. කොහොම වුණත් මම ආදරය කරන කෙනා මාව හොඳට තේරුම් ගත්ත කෙනෙක්. අපිට දික්කසාද වෙන්න තීරණයක් ගන්න බෑ. හර්ෂට මම පණ වගේ ආදරය කරනවා. මට එයා එක්ක විවාහ වෙන්න බැරිකමක් නැහැ. නමුත් අතුලගෙන් දික්කසාද වෙලා අතුලව අතහැරියොත් මම ඒක එයාට කරන අසාධාරණයක්. දන් මට වයස අවුරුදු 30යි. අතුලට වයස අවුරුදු 53යි. මේ මම එයාගේ ළඟින් ඉන්න ඕන කාලේ. අපි වයස් පරතරය දැනගෙන තමයි විවාහ වුණේ. අපිට එකට ඉන්න බරි වුණාට දික්කසාද වෙන්න මම එයාටවත් එයා මටවත් වරදක් කරලා නැහැ. අතුල කොළඹ ඉන්නේ එයාගේ වැඩවලට.

අතුල මාසෙකට සතියක් හරි දුව බලන්න එනවා. එයාට අසනීපයක් වුණත් මම එයාව බලාගන්නේ. අතුල කියන්නේ හරිම ධනාත්මක පුද්ගලයෙක්. අතුලගේ වයසත් එක්ක එයා අවුරුදු විස්සක් ජීවත් වුණොත් මට ඒ වගේ දෙගුණයක් ජීවත් වෙන්න කාලය තියෙනවා. අපි දන්නේ නැහැ කාට ඉක්මනින් යන්න වෙයිද කියලා.

කොහොම වුණත් අතුල හිතනවා ළමයව, මාව බලාගන්න කවුරුහරි කෙනෙක් ඕනේ කියලා. අතුල මට වරදක් කරලා නැති නිසා මට එයාව දික්කසාද කරන්න ඕනේ නැහැ. අතුල මට වරදක් කළොත් බලමු.

හර්ෂ ආදරය හඳුනන මනුස්සයෙක්. හර්ෂ මට පණ වගේ ආදරෙයි. අතුල හර්ෂගේ ලොකු කොලිටි එකක්
දැකලා ඇති. ඒකනේ එයා හර්ෂට මාත් එක්ක ජීවත් වෙන්න ඉඩ දෙන්නේ හර්ෂ හොඳ නැත්නම්, එයාගේ දරුවට වෙනස්කමක් කරන කෙනෙක් නම් එයා එක්ක ජීවත් වෙන්න අතුල ඉඩ දෙන්නේ නෑනේ. හර්ෂයි අතුලයි හරිම යාළුයි. අතුලටත් හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. මට වයස තියෙනවා, ආදරය කරන්න අයිතිය තියෙනවා කියලා එයා පිළිගන්නවා.

 හර්ෂ දුවට පණ වගේ ආදරෙයි. මම හර්ෂට ආදරය කරන්න අරගෙන අවුරුදු හතරක් වෙනවා. දුවට අවුරුදු දෙකහමාරේ, තුනේ ඉඳන් එයා හර්ෂව හඳුනනවා. ලේ බැඳීම නොතිබුණත් ඒ දෙන්න, අතරේ තියෙන්නේ අපූරු බැඳීමක්. තාත්තගෙනුයි අම්මගෙනුයි කාටද වැඩිපුර ආදරේ ඇහුවම දුව කියන්නේ තාත්තාට ආදරේ කියලා. රොකා අයියගෙනුයි අම්මගෙනුයි කාටද වැඩිපුර ආදරේ ඇහුවොත් දුව කියන්නේ රොකා අයියට වැඩිපුර ආදරේ කියලා. දුව හර්ෂට ආදරේට කියන්නේ රොකා අයියා කියලා. දුව වැඩිපුර ආදරේ තාත්තටයි හර්ෂටයි. මම තුන්වැනි තැන ඉන්නේ. එයා හර්ෂට හරිම ආදරෙයි. රොක්සන්, රොකා අයියා, සිකන්දර් වගේ එක එක නම්වලින් තමයි දුව හර්ෂට කතා කරන්නේ.

ලංකාවේ පසුබිමට මුකුත්ම ගැළපෙන්නේ නෑනේ. ඇඳුමක් ඇන්දත් ඒකත් මේ රටට ගැළපෙන්නේ නෑනේ. අපි දැන් වැඩිහිටියෝ. අපි හිතන විදිහ වෙනස්. මේක මගේ කැමැත්ත. අතුලටත් ප්‍රශ්නයක් නැත්නම් මට ආදරය කරන කෙනාටත් ප්‍රශ්නයක් නැත්නම් ඇයි මම වෙන අය කියන දේවල් ගණන් ගන්නේ?
අතුලව මම ජීවිත කාලයේම බලාගන්නවා. හර්ෂත් ඒකට එකඟයි. ගොඩක් අය අපිට ඇඟිල්ල දික් කරන්න බලනවා. අපි ෆොටෝ එකක් දැම්මත් සමහරු ඒක අගය කරනවා. සමහරු අහනවා වෙන මුකුත් නැද්ද කියලා. සමාජයට ඕන විදිහට අපි ඉන්න ඕනේ නැහැ නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

අමායා හර්ෂ ඡායාරූප හා වැඩි විස්තර සඳහා වීඩියෝව බලන්න