ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ටි තරගය පිළිබඳ ඊයේ (21) පැවති මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් පැමිණියේ නිරෝශනේ දික්වැල්ලය. දික්වැල්ල යනු
නවක ක්‍රීඩකයකු නොවන අතර, ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ වසර පහකටත් අධික කාලයක සිටය. ඒ නිසා මාධ්‍ය සාකච්ඡාවකදී හැසිරිය යුත්තේ කෙසේදැයි ඔහු අමුතුවෙන් කියාදිය යුතු නැත. නමුත් ඊයේ ඔහු හැසිරුනේ නමි තවමත් පරිණත නොවූ ක්‍රීඩකයෙකු ලෙසිනි.

අද පැවැත්වෙන තරගය පිළිබඳ දික්වැල්ල වෙත යොමු කළ විවිධ ප්‍රශ්න අතර යොමු වූ එක් ප්‍රශ්නයක් වූයේ අද (22දා) තරගයට ක්‍රීඩා කරන කණ්ඩායමේ යමි වෙනස්කමක් සිදුවනවාදැයි කියාය. විශේෂයෙන් පළමු තරගයට ක්‍රීඩා කළ අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන මේ වනවිට ගැටලුවක් ඇති
හෙයින්, ඔහු වෙනුවට වෙනත් ආදේශනයක් සිදුව, කණ්ඩායමේ වෙනස්කමක් සිදුවනවාදැයි මෙහිදී දික්වැල්ලගෙන් විමසා සිටියේය.

කෙසේ නමුත් ඇසු ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් දීමට උත්සාහ නොකළ දික්වැල්ල පවසා සිටියේ, තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම ගැන පැවසීමට තමන් තේරීම් කමිටු සාමාජිකයෙකු නොවන බවයි.

එය ඔහුගේම වචන වලින් නම්,
"මම සිලෙක්ටර් කෙනෙක් නෙමෙයි. මට කණ්ඩායමක් තෝරන්නේ කොහොමද කියල කියන්නත්, හෙට ගහන්නේ කවුද කියලා කියන්නවත් මම දන්නේ නැහැ" ඔහු පැවසීය.
ඇම් ගැන නැවත වීම සීලදීද ඔහු පැවසුවේ | "දන්නැහැ, මම දන්නැහැ... යනුවෙනි.

මෙය පිළිතුරක් දීමට තරම් අසීරු ප්‍රශ්නයක් නොවේ, විශේෂයෙන් ඕනෑම මාධ්‍ය සාකච්ඡාවකදී පසුදින ක්‍රීඩා කරන කණ්ඩායම ගැන විමසීමක් නිරතුරුව සාකච්ඡාවට ලක්වෙයි. ඔහු ඒ ගැන නොදන්නේ නම් ඔහුට සඳහන් කරන්නට තිබුණේ තාම අවසන් 11 දෙනා තෝරාගෙන නොමැති බවත්, කණ්ඩායමේ නායකයා, පුහුණුකරු සහ තේරීම් කමිටුව එක්ව හෙට උදෑසන තණතීරුව  බලා අවසන් 11 දෙනා තෝරා ගන්නා බවය. එසේ පැවසුවේනම් මාධ්‍යවේදීන්ට නැවත නැවතත් ඒ
ගැනේ අසන්නට අවශ්‍යතාවක් ද නොමැත. එහෙයින් එවැනි ප්‍රශ්නයකට පිළිතුරක් ලබාදීමට නොහැකි අය මාධ්‍ය සාකච්ඡාවලට එවීමන් වැළකී සිටින්නේනම් හොඳය.

එමෙන්ම කිසිවක් නොදන්නා අය මාධ්‍ය - හමුවට කැඳවීමේ තේරුමක් නොමැති බව 'දික්වැල්ල' වැනි ක්‍රීඩකයන් කැඳවන අය තේරුම්ගත යුතුය. මන්ද මාධ්‍යවේදීන් මාධ්‍යය සාකචිඡාවලට එන්නේ කිසිවක් දන්නේ නැතැයි යන්න පිළිතුරක් ලෙස අසන්නට නොවේ. තවද, මාධ්‍යවේදීන් මාධ්‍ය සාකච්ඡාවට එන්නේ ක්‍රිකට් ආයතනයේ ආරාධනය නිසා බවද ජාතික - තලයේ ක්‍රීඩකයින්ට කියාදීම ක්‍රිකට් ආයතනයේ වගකීමකි. ක්‍රිකට් ආයතනයේ ආරාධනාවත මත පැමිණි මාධ්‍යවේදීන් කිසිම ක්‍රීඩකයකුගෙන් මෙවැනි හැසිරීමක් බලාපොරොත්තු නොවන බවද ක්‍රිකට් ආයතනය තේරුම් ගත යුතුය.

ටෙස්ට්, එක්දින හෝ විස්සයි20 යන ඕනෑම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක අදාළ තරගය පැවැත්වෙන දිනට පෙර දින තරගය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම අතීතයේ සිට පැවත එන සම්ප්‍රදායයයි. මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමේ ප්‍රමුඛතම අරමුණ වන්නේ ප්‍රේක්‍ෂකයා දැනුවත් කිරීමයි. ඒ ක්‍රීඩාවක වටිනාකම රඳා පවතින්නේ ප්‍රේක්‍ෂකයා නිසා බැවිනි. එම නිසා ක්‍රීඩාව හා ප්‍රේක්‍ෂකයා සමීප කරන අතරමැදියා මාධ්‍යයයි.

එම නිසා අපට නම් කිව යුතුව ඇත්තේ කිසිවක් නොදන්නො මෙවැනි පුද්ගලයන් මාධ්‍ය සාකච්ඡා සඳහා නොගෙන්වන ලෙසයි. තරගය පිළිබඳ ක්‍රිකට් ආයතනය විසින්ම මාධ්‍ය නිවේදනයක් යොමු කිරීම ප්‍රමාණවත් බවයි.

සංජීව ධර්මසේන