ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුවේ සභාපති ධුරයට එහි වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන අසන්තා ද මැල් මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (06දා) නිවේදනය කළේය.  වසරක
කාලයක් බලපැවැත්වෙන මෙම
නව පත්කිරීම් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේද නිර්දේශය ලැබී තිබේ. ඒ අනුව මෙල් මහතාට අමතරව ත්‍රිපුද්ගල නව තේරීම් කමිටුවට විනෝදන් ජෝන් හා චමින්ද මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළත්ව සිටී.

මීට පෙර කීර්ති කමිටු සාමාජිකයන් ලෙසින් කටයුතු කළ බ්‍රෙන්ඩන් කුරුප්පු සහ මත වික්‍රමරත්න යන මහත්වරුන් නව තේරීම් කමිටුවට ඇතුළත්ව නොමැත. අසන්තා ද මැල් මහතා එංගලන්තයේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හා කණ්ඩායම්  කළමනාකරු ලෙස කටයුතු කළේය.