https://www.gossiplankanews.com/2019/08/anura-kumara-for-presidency.html#more
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අද (18) සවස නම් කෙරිණි. ගාලු මුවදොර පිටියේදී සංවිධානය කළ දැවැන්ත ජනතා රැලියේදී මෙම නම් කිරීම සිදුවිය.
ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට සහයෝගය දෙන සිවිල් සංවිධාන
එකතුවෙන් 'ජාතික ජන බලවේගය' සැදී ඇත.

'නැගිටිමු අපි එක්වෙමු'යන්න තේමා කරගත් මෙම රැළිය හදුන්වා ඇත්තේ, පෙරළියේ මහ රැලිය නමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ තවත් සංවිධාන 30කට ආසන්න ප්‍රමාණයක් එක්ව ගොඩ නගාගෙන ඇති ජාතික ජන බලවේගය හරහා ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂකයෙකු මෙලෙස ඉදිරිපත් කරන්නේ වසර 20කට පසුවයි.

මෙම නම් කිරීම සමග 2015 පොදු අපේක්ෂකයාට සහය පිණිස එජා පෙරමුණ සමග එක්වූ ජවිපෙ ඡන්ද කොටස් විභේදනයට ලක්වීම දේශපාලන ලෝකයේ විශේෂ සිදුවීමකි.