නිකිණි පෝදා අලෙවි කිරීම සඳහා සුදානම් කර ශබ්ද විකාශන බෆල් එකක සඟවා තිබූ කසිප්පු පැකට් 30 සමග සංගීත කණ්ඩායම් හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර අවස්ථා කීපයකදී  කසිප්පු ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට පත්වූ
අයෙකි.
පොහෝ දින
මත්පැන් අලෙවිසැල් වසා ඇති හෙයින් එදින ප්‍රදේශයේ පුද්ගලයකු නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන බවට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම කළ බවද පොලිසිය පවසයි.
නිවස සම්පූර්ණයෙන්ම පරීක්ෂා කළ ද සැකකටයුතු කිසිවක් සොයාගැනීමට පොලිසියට නොහැකි වුවත් කසිප්පු ගඳ නිවස පුරා වෑහීම නිසා සංගීතවල ශබ්ද විකාශන සඳහා
යොදා ගන්නා බෆල් යන්ත්‍රය ගලවා බැලීමේදී අලෙවිය සඳහා සූදානම් කර ඒ තුළ සඟවා තිබූ කසිප්පු පැකට් 30 ක් සොයාගත් බව පොලිසිය පවසයි. එහි කසිප්පු බෝතල් 15 ක් අඩංගුව තිබූ බව ද පොලිසිය කියයි. අනතුරුව සංගීත කණ්ඩායම් හිමිකරු බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ලබන 20 වන දින  හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පුෂ්පකුමාර මල්ලවආරච්චි