https://www.gossiplankanews.com/2019/08/ampara-dew-suwa-programme-woman-died.html
ම්පාර සෙනරත්  සෝමරතන ක්‍රීඩාංගණයේ පැවැති රෝගීන් සුවකිරීමේ දෙව්සුව වැඩසටහනට විවිධ පළාත්වලින් විශාලු පිරිසක් පැමිණි අතර එහිදී රෝගාතුරව 12 දෙනෙකු අම්පාර මහා රෝහලට ඇතුළත් කළ බවත් ඉන් එක් කාන්තාවක් පෙරේදා  (04දා) ජීවිතක්ෂයට පත්වූ බව අම්පාර මහා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ උපුල් විජේනායක  මහතා පැවසීය.පසුගිය තුන්වෙනි දින සහ හතරවෙනි දින
අම්පාර සෙනරත් සෝමරතන ක්‍රීඩාංගණයේදී මෙම වැඩසටහන පවත්වා තිබේ.

එම දෙව්සුව වැඩසටහනට පැමිණි අයගෙන් නවදෙනකු තුන්වෙනි දින අම්පාර මහා රෝහලට ඇතුළත් කර තිබෙන අතර, හතරවෙනි දින තිදෙනෙක් ඇතුළත් කර ඇති අතර ඉන් එක් කාන්තාවක් මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙලෙස ජීවිතක්‍ෂයට  පත්වූයේ, බලන්ගොඩ, කන්දවලේගොඩ වතුකාර කන්ද පදිංචිව සිටි ජේ.එම්. මාලනි ජයවීර (අවු. 37) නමැත්තියකි.

තමගේ බිරිඳ වසර 11 සිට රෝගී තත්වයන් පෙළී ඇති අතර, ඇය රත්නපුර සහ බලන්ගොඩ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගත්තද සුව නොවූ බවත්, රෝගීන් සුවකරන දෙව්සුව වැඩසටහන සඳහා තමන් ඇය පසුගිය 03 වැනිදා සහභාගි කළද එහි විශාල පිරිසක් සිටියෙන් පසුදින එනම් 04 වැනිදා සහභාගි කරවූ බවත් මියගිය කාන්තාවගේ ස්වාමියා වන ශාන්ත විමලරත්න මහතා පොලීසියට පවසා තිබේ.

එම වැඩසටහන තුළදී බිරිඳට අසනීපවූ අතර පසුව වැඩසටහන සංවිධානය කරන ලද අයට තම බිරිදට අසනීප  වැඩිවී ඇති නිසා කඩිනමින් ප්‍රතිකාර ලබාදෙන ලෙසට ඉල්ලා සිටියද ඔවුන් එයට සැලැකීමක් නොදැක්වූ බවත්, පසුව තම බිරිඳ අම්පාර, රෝහලට රැගෙන ගිය අතර එහිදී ජීවිතක්‍ෂයට පත්වූ බවද පොලිසියට කළ පැමිණිල් වැඩිදුරටත් සඳහන් වේ.මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහා රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

-වසන්ත චන්ද්‍රපාල-