අම්පාර උහන හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු හදිසියේ
ඇඳ වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පැරෂුටය නිසි වේලාවට ක්‍රියාත්මක නොවීම අනතුරට හේතුව බව කියැවුණි.
අද පෙරවරුවේ නිදහස් ආර අඩි දසදහසේ පැරෂුට් පුහුණුවේ නිරතව තිබෙන වේලාවක මෙම අනතුර සිදුව තිබෙයි.ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක යෙදුණ මාතර පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි එච්.කේ.සී කුමාරසිංහ (පැරෂූට් කරූ) මෙම අනතුරින් මියගියේය.
ලබන මාසයේ ආරම්භ වන දියකාවා යුද මෙහෙයුම් අභ්‍යාසය සඳහා ඔහු පුහුණුවෙමින් සිටින අතර
පැරෂුටය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ඔහු ඇද වැටුනු බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර්  සුමිත් අතපත්තු මහතා පවසයි.
බරපතල තුවාල ලැබූ හමුදා සෙබලා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.