බැටික්ලෝ කැම්පස් ආයතනය වහාම රජයට පවරාගන්නැයි ඉල්ලමින් ඊයේ (19) පස්වරුවේ මඩකලපුව නගරයේ පැවති විරෝධතාවකට එක්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා පැවසුවේ

 එම ආයතනය

රජයට පවරාගත යුතු බවත් එහි ඇත්තේ මුස්ලිම් නීති සහ ප්‍රතිපත්ති පමණක් බවත් මෙය විශ්වවිද්‍යාලයක් නොවන බවත්ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කර මේ රටේ තිබෙන මුස්ලිම් ත්‍රස්තවාදය නැති කරන්න අඩිතාලමක් දමා තිබෙන බවද
ලංකාවේ සිටින සෑම කෙනෙකුටම ආරක්ෂාව පිණිස ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම වැදගත් බවද දන්වා සිටියේය.
මෙම විරෝධතාවයට පූජ්‍ය අතුරලියේ රතන හිමිද එක්වීම විහේෂත්වයකි.