https://www.gossiplankanews.com/2019/08/al-ranjan.html
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අද කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයට පැමිණියේය.
පෞද්ගලික

අයඳුම්කරුවෙකු ලෙස ඔහු දේශපාලන විද්‍යාව, ක්‍රිස්තු ධර්මය හා ජනමාධ්‍ය විෂයන් සඳහා මෙවර උසස් පෙළ විභාගයට එක්වන්නේය.
ක්‍රිස්තු ධර්මය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට අද ඔහු එහි ගොස් සිටියේය.
 1963 මාර්තු 11 උපත ලද රන්ජන් රාමනායකගේ දැන් වයස 56 කි.
තමාට නීති විෂය ඉදිරියේදී හැදෑරීමට අවශ්‍ය බවත් ඊට මූලික සුදුසුකම් සකසා ගැනීමට නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් ඔහු දන්වා තිබුණි.