https://www.gossiplankanews.com/2019/08/ajantha-mendis-retired.html
ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි දඟ පන්දු යවන්නකු වන අජන්ත මෙන්ඩිස් තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ඊයේ (28දා) නිවේදනය කළේය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවිය එය තහවුරු කර තිබුණි.
යුදහමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රිකට් දක්ෂතා පෙන්වා
2008 වර්ෂයේදී ටෙස්ට් වරම් හිමිකරගත් මෙන්ඩිස් ටෙස්ට් තරග 19කට  එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 87කට සහ විස්සයි - 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 39කට ශ්‍රී  ලංකාව නියෝජනය කර ඇත. ටෙස්ට් කඩුලු 70ක්, එක්දින කඩුලු 152ක් සහ විස්සයි-20 කඩුලු 66ක් දවා දස්කම් දක්වා ඇත.
2011 ලෝක කුසලාන ක්‍රිකට්

තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය කරා රැගෙන ඒමට ද ඔහු විශාල සේවයක් කළේ ය.
මෙන්ඩිස් 2014 20යි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ ද සාමාජිකයෙකි.

2015 වසරෙන් අනතුරුව මෙන්ඩිස් කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වී නොමැත. ඔහුට පාදයේ ආබාධයක් ඇතිවීමෙන් පසු ක්‍රිකට් වලින් තරමක් ඈත්වූ අතර යළි ඔහු සුවය ලදුවත් ඔහුව තෝරාගන්නට බලධාරීන් උනන්දුවී තිබුනේ නැත.

අජන්ත මෙන්ඩිස් මේ වන විට 34 හැවිරිදි වියේ පසුවන අතර ඔහු තවදුරටත් ක්‍රීඩා කිරීමට වයසද ප්‍රශ්නයකි. කෙසේ වෙතත් ඔහුගේ ද්කෂතා තවදුරටත් උරගා බලන්නට පුසගිය කාලයේ ක්‍රිකට් පරිපාලනය උනන්දු නොවීම නිසා අකලට පරවූ මලක් සේ ඔහුට පිටියෙන් සමුගන්නට සිදුව තිබේ.

ඔහුගේ සමුගැනීම මේ ආකාරයට නිහඩව සිදුවන අතර ඒ වෙනුවෙන් කිසිදු සැමරීමක් සංවිධානය කර නැත. වේග පන්දු යැවූ චමින්ද වාස් පිටියෙන් සමුගත්තේද කිසිදු උත්සවයකින් තොරවය.