https://www.gossiplankanews.com/2019/08/Angoda-lokka-hanwella.html
හංවැල්ල පහත්ගමදී ව්‍යාපාරිකයකු සහ ඔහුගේ රියැදුරු වෙඩිතබා ඝාතනය කර ඇත්තේ පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ නියෝගය මත බව හෙළිකරගත් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය
ඊට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයන් තිදෙනකු ඊයේ (29 දා* අත්අඩංගුවට ගෙන ඇත.

අතුරුගිරිය ප‍්‍රදේශයේ පිහිටි අංගොඩ ලොක්කාට අයත් ඉඩමක් පස් දමා ගොඩකර දීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ද්විත්ව ඝාතනයට හේතු වී ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියේ ප‍්‍රබලයන් වන අතර ඔවුහු මුල්ලේරියාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ඝාතනයට ලක්වූ සුමේධ නමැති ව්‍යාපාරිකයාට මරණීය තර්ජන එල්ල කිරීම සහ එම ද්විත්ව ඝාතනයට ආධාර අනුනබල දීම සම්බන්ධයෙන්

ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඝාතකයන් දෙදෙනා පහත්ගම ප‍්‍රදේශයේ පිහිටි සුමේධගේ නිවසට පැමිණ වයිබර් වීඩියෝ දුරකථන ඇමතුමක් හරහා ඉන්දියාවේ සැඟව සිටින අංගොඩ ලොක්කා සම්බන්ධ කරගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

ඝාතනයට ලක්වූ සුමේධගේ මංගල ඡුායාරූපය ඝාතකයන් විසින් වයිබර් මාර්ගයෙන් අංගොඩ ලොක්කාට පෙන්වා ඇති අතර ඝාතනය කළ යුත්තේ ඔහු බව අංගොඩ ලොක්කා ඝාතකයන්ට දැනුම් දී ඇත.

අංගොඩ ලොක්කාට අයත් අතුරුගිරියේ පිහිටි වගුරුබිමක් සහිත ඉඩමක් ගොඩකර දීමට ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා පොරොන්දු වී ඇති අතර එය ගොඩ කිරීමේ කටයුතු ද ආරම්භ කර තිබිණි. එහෙත් නීතිමය ප‍්‍රශ්නයක් නිසා එම වගුරු බිම ගොඩකිරීමේ කටයුතු නතර කිරීමට සිදුවී තිබේ.

ඉඩම ගොඩකර දීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කෝපයට පත්වූ අංගොඩ ලොක්කා පස් ව්‍යාපාරය නතර කරන ලෙස සුමේධට දිගින් දිගටම තර්ජනය කර ඇත. එහෙත් සුමේධ එම තර්ජන ගණනකට නොගෙන පස් ව්‍යාපාරය දිගටම කරගෙන ගොස් තිබේ.

පසුව අංගොඩ ලොක්කා සිය පාතාල කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු යොදවා ඉකුත් 25 දා රාත‍්‍රියේ හංවැල්ල පහත්ගමදී පස් ව්‍යාපාරිකයාට සහ ඔහුගේ රියැදුරුට වෙඩිතබා ඝාතනය කර තිබේ.

මෙම ද්විත්ව ඝාතනය සිදුකළ පාතාල සාමාජිකයන් දෙදෙනා ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

කළුතර බන්ධනාගාර බස්රථයට ප‍්‍රහාර එල්ල කර රනාලේ සමයා ඇතුළු හත්දෙනකු (7 ක්* ඝාතනය කිරීමෙන් පසු අංගොඩ ලොක්කා ඉන්දියාවට පලාගොස් තිබිණි.