https://www.gossiplankanews.com/2019/08/7-male-pros-kollupitiya-nabbed.html#more
කාන්තාවන් ලෙස පෙනීසිටිමින් ගණිකාවන් ලෙස කටයුතු කළ පිලිපීන ජාතික පිරිමින් 7ක් හා රුසියානු ජාතික කාන්තාවක් කොල්ලුපිටිය හෝටලයක රැඳී සිටියදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ
හා බුද්ධි අංශය

විසින් අත්අඩංගුවට ගෙන ඇත. අන්තජාලය හරහා සිය කාන්තා වෙස්ගත් ඡායාරූප හා මිල ගණන් ප්‍රදර්ශනය කර මෙම ගණිකා ජාවාරම ජයටම කරගෙන ගොස් තිබේ.

මෙවැනි විදේශීය පිරිමි ලෙසින් පිරිසක් ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයක් විය. සංචාරකයින්ට ලබා දී ඇති මාසික නිදහස් වීසා සහනය යටතේ මෙම පිරිස මෙරටට පැමිණ ලිංගික ක්‍රියාවල යෙදී ඇතැයි ද එක් වරකට ඔවුන් අය කර ඇති මුදල රුපියල් 25000 ක් බවද හෙතෙම සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටිති.

ආගමන විගමන නීති රීති උල්ලංඝනය කරමින් ගණිකා වෘත්තියේ යෙදී සිටීම පිළිබඳව මොවුන්ට එරෙහිව නඩු පැවරිමට හෝ දඩ නියම කර රටින් පිටුවහල් කිරීමට හෝ දෙපාර්තමේන්තුව කටයුතු යොදාගෙන යයි.

-ජයන්ත සමරකොන්-