https://www.gossiplankanews.com/2019/08/6wickets-won-over-new-zealand-sri-lanka.html#more
ශ්‍රී ලංකාව සමග සංචාරක නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ලකුණු 268ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17)  දිනයේ තරගය  නතර කරන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 133 ක් ලබා සිටි අතර අද කඩුළු 4 කදී එම ඉලක්කය
සපුරාගන්නට හැකි විය.
නායක දිමුත් කරුණාරත්න ලබාගත් 122 හා ලහිරු තිරිමාන්නගේ ලකුණු 64 මෙම අවසන් ඉනිම වර්ණවත් කළේය.


ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලබා ගත්තේ ලකුණු 249ක් පමණි.  පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවි ලකුණු 267ක් රැස් කර තිබුණි.
සිය දෙවන ඉනිම සදහා  ලකුණු 285ක් ලබාගත් නවසීලන්ත පිලට සියල්ල දැවීයාමෙන් පසු පරාජයේ සෙවනැලි කමග ශ්‍රී ලංකාවට එරෙහි සටනට එන්නට සිදුවිය.
ඒ අනුව දෙවන ඉනිමේදී තරගය ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 268ක ඉලක්කයක් හිමි වූ නමුත් ගාල්ල ක්‍රිඩාංගනයේදී සිව්වන ඉනිමේදී හඹා ගොස් තරගයක් ජය ගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 99ක් නිසා මෙම ඉලක්කය අවදානම් එකක්ද විය.
මෙම තරගය ජය ගැනිම සමග ශ්‍රී ලංකාවට නව වාර්තාවක්ද පිහිටුවා තිබෙන්නේ අවසන් ඉනිමකදී මුල් කඩුල්ල සඳහා වැඩිම සබඳතාවය වූ 161 වාර්තා කරමිනි. අද ජයග්‍රහණය සමග ඉදිරියට පැවැත්වෙන ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 60 ක් ලබා ඇත.