5 වසර ශිෂ්‍යත්ව විභාගය මෙරට පවතින දෙමාපියන්ගේ තරගකාරීම විභාගය ලෙස හඳුනා ගැනීමේ හැකියාව පවතී.ඒ අන් කිසිවක් නිසා නොව තම දරුවා ඉහළ පෙළේ පාසලකට ඇතුළත් කර ගැනීම සඳහාය.ඒ අනුව එවැනි තරගකාරී මට්ටමක පවතින මෙම ශිෂ්‍යත්ව විභාගය පසුගියදා නිමාවට පත්විය.

එහෙත් මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර වල දෝෂ ඇතැයි ඇතැම් පාර්ශව කරන චෝදනා පිළිගත නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කර සිටී.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සේවා සංගමය ඊයේ කියා සිටියේ නිර්දේශයෙන් පිට ප්‍රශ්න ද මෙවර 05 ශ්‍රේණීයේ ශිෂ්‍යත්ව
විභාගයේ ප්‍රශ්නපත්‍ර වල ඇතුළත්ව තිබුණු බවයි. තවත් ප්‍රශ්න කිහිපයකද දෝෂ පවතින බව ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වමින් එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කරන ලදී.විශේෂයෙන්ම 8 ශ්‍රේණියේ විද්‍යා හා ගණිත විෂයන්ට අදාළ ප්‍රශ්න දෙකක්ද මෙවර විභාගයේදී දරුවන් වෙත ඉදිරිපත් කර ඇති නිසා එය අසාධාරණ බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන ලදී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී විභාග කොමාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස් කළේ ගුරු මණ්ඩලයක් විසින් බවයි. එලෙස ප්‍රශ්නපත්‍ර සකස් කිරීමේදී හෝ ඊට පසුව ද දැන් මතු කරන ආකාරයේ දෝෂ නිරීක්ෂණය නොවූ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් ද ඊයේ (15) සිට ආරම්භ කෙරුණු බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණි.