2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී මාටින් ගප්ටිල් විසින් කඩුලු රකින්නා වෙත යොමු කළ පන්දුව දෙවැනි ලකුණ සම්පූර්ණ කිරීමට පිතිකරුගේ සීමාවට පැමිණෙමින් සිටි බෙන්

ගේ පිත්තේ වැදීමෙන් හතරේ සීමාව දක්වා යාම නිසා එංගලන්තයට ලකුණු 6ක් ලබා දීම පසුගිය කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් පත්‍රයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ සිදුවීමක් බවට විය.

කෙසේ වෙතත් එළඹෙන සැප්තැම්බර් මාසයේදී ඊට අදාළ ක්‍රිකට් නීතිය සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් සිදු කිරීම සඳහා
මාලීබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුව තීරණයකට එළැඹී ඇති බව පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ අතර ලෝක ක්‍රිකට් කමිටු රැස්වීමේදී ක්‍රිකට් නීති කිහිපයක් සංශෝධනය කිරීම සම්බන්ධයෙන්ද සිදුකළ යෝජනා පිළිබඳව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණේ මෙසේය. “පන්දු යවන්නෙකු පිතිකරුවාගේ ඉණට ඉහළින් යන 'ෆුල් ටොස්" පන්දුවක් යොමු කළ අවස්ථාවේදී නිපන්දුවක් තීරණය කිරීම සඳහාත්
පිතිකරුගේ හිසට ඉහළින් 'බවුන්සර්' පන්දුවක් යොමු කළ අවස්ථාවේදී 'වයිඩ්' පන්දුව තීරණය කිරීම සඳහාත් පන්දුවේ ගමනේ මාර්ගය පෙන්වන මෘදුකාංගයක සහාය පිටීයේ විනිසුරු වෙත ලබා දීම සඳහා ලෝක ක්‍රිකට් කමිටු රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් විය. එමඟින් එවැනි අසීරු අවස්ථාවන්වලදී තාක්ෂණය සහය ඇතිව දැනට වඩා නිරවද්‍ය තීරණ ඉක්මනින් ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇති."

සටහන - ශමිත දෙහිපිටිය