හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිටදී පස් ව්‍යාපාරිකයකු සහ ඔහුගේ රියැදුරු වෙඩි තබා
ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ දැනට ඉන්දියාවේ සැඟ වී සිටින “අංගොඩ
ලොක්කා,” විසින් බැව් හෙළි වී ඇතැයි
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පස් ආරවුලක් මත මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවට විමර්ශන කණ්ඩායම් සැක පහළ කරන අතර
මීට ආධාර අනුබල දුන් සැකකරුවන් කිහිප දෙනකුද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

එම සැකකරුවන් සොයා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සහ හංවැල්ල පොලිසියේ විමර්ශන කටයුතුමේ වනවිට ආරම්භ කර තිබේ.

ඉකුත් 25 වැනි දින සිදුවූ මෙම වෙඩි තැබීමෙන් හංවැල්ල පහත්ගම පදිංචිව සිටි විජිත් ප්‍රේමලාල් (42)
හෙවත් සුමේධ සහ ඔහුගේ රියැදුරු වූ පාදුක්ක, ගලගෙදර පදිංචිව සිටි රවිඳු ලක්ෂාන් (22) යන අය
ඝාතනයට ලක්විය. 

චාමර අමරසූරිය