https://www.gossiplankanews.com/2019/08/30feet-hero.html
තම ජීවිතය පරදුවට තබමින් තවත් වෙනත් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීම පිණිස පෙරමුණ ගන්නා මිනිසුන් විරලය. එවැනි විරල මිනිසකු පිළිබඳ කථාවක් ඉකුත් දිනක වාර්තා විය. ගැඹුරු ළිං පතුලක් තුළ මරණයත් සමග පොර බදමින් සිටි දෙහැවිරිදි සිඟිත්තියක් මරණයෙන් ගලවාගත් නාඳුනන පුද්ගලයෙක් පිළිබඳ
වූ එම කතා පුවත වාර්තා වන්නේ මතුගම - පිටිගල ප‍්‍රධාන නගර දෙකට මැදිව පිහිටි පැලවත්ත ප‍්‍රදේශයෙන්ය. පැලවත්ත
 ගොරකදූව ප‍්‍රදේශයෙන් වාර්තා වන එම සිදුවීම පෙළ ගැසෙන්නේ පහත සඳහන් පරිදිය.

 දිනය ඉකුත් ඉරිදාය. වේලාව පස්වරු. 3.00ත් 4.00ත් අතරය. පැලවත්ත ගොරකදූව ප‍්‍රදේශයේ එක්තරා නිවසක් අසල දුව පැන ද`ගලමින් සිටින සිඟිත්තන් දෙදෙනෙක්ය. වරෙක වැලි දූලි මත බලි රූප අඳින පොඩිත්තන් තවත් වරෙක සමනලයෙක් පසුපස දුව පනිමින්ය. පොඩිත්තන්ගේ ස්වභාවය එසේය. සුරතල් ළමා විය සීමාමායිම්වලින් තොරය. අවදානම පිළිබඳ වගේ වගක් නොමැත.

 මද වේලාවක් තම ගෙමිදුල මත කෙලි දෙලෙන් පසුවන සිඟිත්තන් දෙදෙනාට නිවැසියන්ගේ අවධානයෙන් මිදෙන්නට ගත වන්නේ මොහොතක්ය. ඔවුන් ඉන් අනතුරුව ළ`ගා වන්නේ නිවස ආසන්නයේ පිහිටි ළිඳක් අසලටය.

එය අඩි කීපයක් උස බැම්මකින් වටකොට මනාව ඉදිකරන ලද අඩි 30ක පමණ ගැඹුරකින් යුත් ළිඳක්ය. එයට යා වෙන්න හතරැස් කොටුවක් වැනි තවත් ඉදිකිරීමක්ය. එය ඉදිකරනු ලබන්නේ ළිඳ අසල සවිකර තිබෙන වතුර මෝටරයේ ආරක්‍ෂාව පිණිසය. ඒ මතට ගොඩවන සි`ගිත්තියක් ඉන් අනතුරුව ළිඳ ඇතුළත ඇත්තේ කුමක්දැයි විපරම් කර බැලීමට උත්සාහ දරනවා පමණි. ශරීරයේ සමබරතාවය ගිලිහෙන සි`ගිත්තිය ඉන් අනතුරුව ඇද වැටී ඇත්තේ ගැඹුරු ළිං පතුල වෙතය. නිවස ආසන්නයේ පිිහිටි ළිඳ දෙසින් යම් ශබ්දයක් නිකුත්වන හඬ ඇසෙන නිවැසි කාන්තාවක් ඒ පිළිබඳ විමසිලිමත්වීමත් සමග ඇයට දකින්නට ලැබී ඇත්තේ අසල නිවසක පදිංචිව සිටි කුඩා දියණියක් ළිඳට වැටී තිබෙන දසුනකි.

 එම සිදුවීමත් සමග ඇයට කළ හැකි වන්නේ උදව් ඉල්ලමින් යටිගිරියෙන් කෑ ගැසීම පමණි. ඇගේ විලාපය ඇසීමත් සමග ඒ අසලට ලංවන කීපදෙනෙකුටද දකින්නට ලැබී ඇත්තේ අඩි 15කට අධික ජල මට්ටමකින් යුත් ළිඳ තුළ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින කුඩා සි`ගිත්තියකි. ඇයව කෙසේ හෝ බේරාගත යුතුව ඇතත් ක්‍ෂණිකව ඒ සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ගයක් තීරණය කිරීමට ඔවුන් අපොහොසත්වීම සි`ගිත්තියගේ ජීවිතය බේරාගැනීමට වූ ප‍්‍රධානම බාධාව බවට පත්වී ඇත. ඊට හේතුව බවට පත්වන්නේ අඩි 30ට අධික ගැඹුරකින් යුත් ළිඳට බැසීමට කුමන හෝ ආධාරකයක් අවශ්‍ය වීමය. ඒ සඳහා ගතවන කාලය සි`ගිත්තියගේ ජීවිතය මරණයයෙන් නිමාවීමට හොඳටම ප‍්‍රමාණවත්ය.

 මේ අතර එම නිවස පිහිටි ආසන්නයේ ඇති පැලවත්ත පිටිගල ප‍්‍රධාන මාර්ගයේ යතුරු පැදියකින් පැමිණෙන තරුණයෙක්ය. රත්නපුර කලවාන වැද්දාගල ප‍්‍රදේශයේ පදිංචි ඔහු එදින පැලවත්ත ප‍්‍රදේශයට පැමිණෙන්නේ ව්‍යාපාර කටයුත්තක් පිණිසය. එය නිමාකොට නැවත කලවාන දක්වා යතුරු පැදිය ධාවනය කරන තරුණයාට දකින්නට ලැබෙන්නේ ළිඳක් අසල කලබලයෙන් හැසිරෙන එක්තරා පිරිසක්ය. ඉන් පෙර කෙදිනකවත් පැලවත්ත ප‍්‍රදේශයට පැමිණ නැති මෙම තරුණයා තම ගමන මදක් බාලකොට ළිඳ අසල සිදුවෙමින් පවතින සිදුවීම පිළිබඳ මදක් විපරම් කරන්නේය. අවට රැස්ව සිටි පිරිස විසින් නගන විලාපය විසින් සිදුවෙමින් පවතින අවාසනාවන්ත සිදුවීම පිළිබඳ පුවත තරුණයා වෙත රැගෙන ආවා විය යුතුය. මොහොතකින් යතුරු පැදි නතර කරන තරුණයා ළිඳ අසලට ලංවූවා පමණි... ඔහුට දකින්නට ලැබෙන්නේ වරක් දිය මතුපිටට පැමිණි මල් කැකුලක් බඳු සි`ගිති දියණියක් නැවත ජලයේ නොපෙනී යනවා පමණි. මිනිස් වෙස් ගත් දෙවිකෙනෙකු බදු පුද්ගලයකුගේ හදිසි පැමිණීම එවෙලෙහි ලිද අසල රැස්ව සිටි පිරිස පවා කිසිසේත් අපේක්‍ෂා නොකල සිදුවීමකි. කිසිවෙකුගේ පෙළඹවීමකින් තොරව තමන් හැඳ සිටි ජැකට්ටුව” මුදල් පසුම්බිය හා දුරකථනය පසෙකින් තබන හේ

ඉන් අනතුරුව කිසිදු ආධාරකයකින් තොරව ගැඹුරු ළිං පතුල වෙත පනිනු ලබන්නේ තම ජීවිතය පිළිබඳ තුට්ටුවකට මායිම් නොකරමිනි. ළිඳ අසල සිටි පිරිස තුෂ්නිම්භූත කරවමින් එම වීර ක‍්‍රියාව සිදුකරන නාඳුනන පුද්ගලයා ඉන් මද වේලාවකින් අනතුරුව ගැඹුරු ළිං පතුල තුළ සැ`ගවෙන්ට දෙවන වරටද යට යමින් සිටි සි`ගිත්තිය දිය මතුපිටට රැගෙන එනු ලබන්නේ පරිස්සමට නෙළාගත් මල් කැකුලක් පරිද්දෙන්ය.

 වීරයාගේ කථාව එතෙකින් නගර වන්නේ නැත. තම දිවිය පරදුවට තබමින් දියයට ගිලෙමින් සිටි සි`ගිත්තිය ළිඳ මතුපිටට රැගෙන ඒමටද ඔහුට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇත. ළිඳ අසල රැස්ව සිටි පිරිසට ඉනිමං” කඹ ආදිය ළිඳ අසලට රැගෙන ඒම පිණිස විනාඩි දහයක් පහලොවක් අතර කාලයක් වැයවී ඇත. ජල මට්ටමින් ඉහළ කොටස අඩි 15ක් පමණ වන බැවින් ආධාරකයකින් තොරව එම අසීරු මග තරණය කළ නොහැක. එතෙක් වේලාවක් සි`ගිත්තියව දිය මතු පිට තබා ගැනීම අසීරු කටයුත්තක්ය. ඇගේ ජීවිතයටද එය අවදානමක් සහිතය. මේ කථාවේ එන වීරයාගේ සිත දැඩිය. මහත් වෙහෙසක් දරමින් එම තීරණාත්මක විනාඩි කීපයද ඔහු ගෙවා දමන්නේය. පාදයක් ළිං බිත්තිය මත තබමින් සි`ගිත්තිය දියමතුපිට තබා ගන්නා අපගේ වීරයා ඉන් අනතුරුව ගොඩබිම රැස්ව සිටින පිරිසගේ ආධාරයෙන් සි`ගිත්තියට නැවත ජීවිතය ලබාදෙන අතර එම වීර ක‍්‍රියාව නිමාකිරීමට ඔහුට මිනිත්තු 20ක පමණ කාලයක් වැයවී ඇත.

 තමන් ගැන පමණක් සිතන්නට බලකරමින් සිටින සමාජ වටපිටාවක් තුළ වීරයන් බිහිවන්නේ කලාතුරකින්ය. ඔවුන් පිළිබඳ වැඩි වැඩියෙන් ලියා තැබිය යුතු වන්නේ එවැන්නන් සමාජය හමුවේ පරමාදර්ශී චරිත වන හෙයින්ය. එනයින් මේ කියන නාඳුනන වීරයා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට .දිවයින.ට හැකි විය. ඔහු නමින් කලවාන වැද්දගල පාර දම්වල පදිංචි විසිනව හැවිරිදි ගාමිණී චමින්දය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගාමිණී චමින්ද සඳහන් කළේ එම මොහොත් තමන්ට කළ හැකි එකම දෙය දියෙහි ගිලෙමින් සිටි සි`ගිත්තිය බේරා ගැනීම බවත් ඒ සඳහා ජීවිත අවදානම නොතකමින් ගැඹුරු ළිං දියට පනින්නට සිදුවූ බවත්ය. මින් පෙරද තමන් විසින් ජීවිත කීපයක් බේරා ගැනීමට කටයුතු කර ඇති බව වැඩිදුරටත් පැවසූ ගාමිණී චමින්ද අවසන් වශයෙන් සඳහන් කර සිටියේ මෙවරද තමන්ට තවත් ජීවිතයක් බේරා ගැනීමේ උතුම් පිංකමක කොටස්කරුවකුවීමට හැකිවූ බවත්ය.

 නාඳුනන ප‍්‍රදේශයක නාඳුනන පිරිසක් මැද සිය ත‍්‍රාසජනක වික‍්‍රමය සිදුකන ගාමිණී චමින්ද ඉන් අනතුරුව සි`ගිත්තියව ප‍්‍රතිකාර පිණිස ඇතුළත් කළ රෝහල වෙත ගොස් ඇයගේ සුවදුක් දැන ගැනීමෙන් අනතුරුව නැවත සිය ගම්බිම් බලා පිටව ගොස් ඇති අතර සිද්ධිය ඇසින් දුටු බොහෝ දෙනෙක් පවසා සිටින්නේ දෙවියන්ද ජීවත්ව සිටින්නේ මිනිසුන් අතර බවත් ඉහත සිදුවීම හරහා ඒ බව මැනවින් ඔප්පු වූ බවත්ය.

රුවන් ජයවර්ධන